එකම චිත්‍රපටයේ එකවර චරිත හතරක් මවන පුබුදු
ඉන්දියානු සිනමාපට මෙරට දී නැවත නිෂ්පාදනය කිරීම සිදුවුයේ අද ඊයෙක පටන් නොවේ.මේ වගේ මැතකදී තැණුනු,තවමත් තිරගත නොවුණු “ප්‍රවේගය“සිනමා පටය මෙරටදී නිෂ්පාදනය වු සාර්ථක කොලිවුඩ් නිර්මාණයක ප්‍රතිනිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.එම සිනමා පටයේ නිෂ්පාදකයන් සදේෂ් කුමාර් යුවළ විසින් තැණු තවත් එවැනි ද්‍රවිඩ සිනමා පටයක වැඩ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් යනවා.“කාන්චනා,මුනි 2“ චිත්‍රපටයයි “මායා“ නමින් මෙරට දී තැණෙන්නේ.ඉන්දියාවේ නිෂ්පාදනය වු මේ සිනමා පටයේ මුල් සිනමා පටය එරටදී අතීශය ජනප්‍රියත්වයක් අත්කරගත් සිනමා පටයක් වුවා.රාගවා ලෝරන්ස් අධ්‍යක්ෂණය කළ ඔහුම චරිත නිරුපණය කළ “මුනි 2“සිනමා පටයේ රාගවා චරිතයන් හතරකට එකවර පණ පොවනවා.කොමඩි,හොරර් සිනමා පටයක් වු මේ චිත්‍රපටයේ මෙරට නිර්මාණයේ ,චරිතයන් හතර නිරුපණය කරන්නේ නව පරපුරේ නළුවෙකු වන පුබුදු චතුරංගයි.
අංගවිකල කුඩා ළමයෙකු,රළු පරුෂ වු පිරිමියෙක්,බෙලහීන තරුණයෙක් හා සාමන්‍ය තරුණයෙකු යන චරිතයන් හතරටම එකවර රංඟදායකත්වය සැපයිම සුළුපටු කාරණයක් නොවේ.කොලිවුඩ් සිනමා පටයේ රාගවාගේ මේ රංඟනය නිසාවෙන්ම ජනප්‍රිය වු මේ සිනමා පටයේ මෙරට නිෂ්පාදනයේත් සාර්ථකත්වය රදාපවතින්නේ මේ චරිත හතර රඟදක්වන රංඟනශිල්පියා මතබවයි වැඩි දෙනාගේ අදහස.
මේ තියෙන්නේ “මුනි 2““චිත්‍රපටයෙන් කොටසක්
Written by Cinema.lk A































