නිලේන්ද්‍ර නම් ඔහු….

Avatar Cinema.lk A | April 5, 2013 47 Views 0 Likes 0 Ratings

47 Views 0 Ratings Rate it

මම චිත්‍රපට විචාරකයෙක් වත් චිත්‍රපට පිළිබඳ හසල දැනුමක් ඇති තැනැත්තෙක් වත් නොවෙමි.ඒත් එක් දිනක් මා නැරඹු අපුරු සිනමා පටයක් නිසාවෙන් මා තුළ හට ගත් සිනමාවට ඇති ඇල්ම නිසාවෙන් මේ වවන ස්වල්පය කීමට අදහස් කළෙමි.

නිලේන්ද්‍ර…අප කොයි කවුරුත් දන්නා විදියට පුංචි තිරය උඩු යටි කුරු කළ පතාක යෝධයා ඔහුයි.පුංචි තිරයේ පෑ විකුම් නිසාවෙන්ම ඔහු මේ රටේ සුපතල වරිතයක් වුයේය.නමුත් පුංචි තිරයේ කාර්ය බහුල වු නිසාදෝ නිලේන්ද්‍ර තුළ උන් සිනමාකරුවා නියම ආකාරයෙන් අවදි වන්නට කාලයක් ගත විය.මීට පෙර දිනක ඔහු තුළ වු නියම ලාංකේය සිනමා කරුවා දැක බලා ගන්නට මට වාසනාව උදාවිය.ඒ තණ්හා රතී රඟා තුළිනි.

නිලේන්ද්‍ර ෆිල්ම් එකක් කරන්න හදනවා…මේ පණිවිඩය මා කණ වැකුණු සැටියෙන් මා තුළ මුලින් උපන්නේ තරමක සැකයකි.ඇත්තටම ඔහුට හොඳ චිත්‍රපටියක් කරන්න පුළුවන් වෙවීද?මා කිහිප වරක්ම මගෙන්ම ප්‍රශ්ණ කළෙමි.මේ චිත්‍රපටිය හදා නිම වනතුරු මට කිසඳු අස්වැසිල්ලක් නොවීය.මා දැන් එය නරඹා හමාරය.මාගේ සිතේ උපන් සියලු ප්‍රශ්ණ වලට නිලේන්ද්‍ර පිළිතුරු දුන්නේ ඉතාමත් පුදුමාකාර අයුරිනි.

මා සිනමා ශාලාවේ අසුන් ගත්තත් මා සිටියේ කියාගන්න බැරි අපහසුතාවකින්.අඩි දහසයක් දිග පුළුල් සිනමා තිරය මත නිලේන්ද්‍රගේ සිතේ උපන් කතාව දිඟ හැරෙන විට මට මගේ දෑස් අදහාගත නොහැකි විය.දෙවියනේ…නිලේන්ද්‍ර මාරයි.මා මටම කියා ගත්තේය.පුද්ගලික වාසි තකා තමන්ගේ ආගමත්,සංස්කෘතියත් විකුණන් කන සිනමාවක් ඇති අපේ රටේ නිලේන්ද්‍ර ගේ සිනමා පටය ඇතැමුන්ට වහ කදුරු වනු ඇත.මෙරට සිනමා කරුවන් යැයි කියා ගන්නා ඇතැම් හොර විඩියෝ කාරයන්ට නිලේන්ද්‍ර අලුත් මානයක් පෙන්නා දී ඇත.ඇත්තෙන්ම සැබැවින් නව පරපුරේ ඩිජිටල් සිනමා කරුවන්ට නව දොරටුවක් විවර කර දුන් මේ මහා සිනමා කරුවා මට පමණක් නොව නුතන තරුණ පරපුරේ සිනමා වීරයා බවට දැනටමත් පත් වී හමාරය.

ඔබත් එන්න.තව නොබෝ දිනකින් තණ්හා රතී රඟා තිරගත වේවී.ඔබටත් තේරේවී සැබවින්ම මෙය ලාංකේයයි කියලා.කවුරුහරී කෙනෙක් මේ චිත්‍රපටියට බැන්නත්,ඔහු බනින්නේ සැබැ කුහක කමකින්.මොකද ඔවුන් හොඳාකාරවම දන්නවා තණ්හා රතී රඟා නියමයි කියලා. චිත්‍රපටියක් අවසන් වු විට එය නැරඹු පිරිස අත්පොලසන් දෙනු මා දුටුයේ හුඟ කාලයකට පසුවයි.ඒ හඩ තව නොබෝ දිනකින් ඔයාලටත් අහන්න ලැබේවී.

අධීෂ මෛත්‍රී හේවාවසම්

[button link=”https://cinema.lk/Movie-detail/thanha-rathi-ranga/” variation=”moss”]Movie Article [/button]
Share

47 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.