OSAKA සිනමා උළෙලේ හොඳම නිළිය නිල්මිණි සිගේරා
14 වැනි OSAKA අන්තර්ජාතික චිත්‍රපට උළෙල මේ දිනවල ජපානයේදී පැවැත්වෙනවා. සිනමාවේදී අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ “අසන්ධිමිත්තා” චිත්‍රපටය මේ සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළා. පසුගිය 13 වැනිදා සහ අද එනම්, 17 වැනිදා සිනමා උළෙලේදී අසන්ධිමිත්තා චිත්‍රපටය තිරගත කොට තිබුනා.
මාර්තු 17 වැනිදා, එනම් අද මීට සුළු මොහොතකට ඉහතදී ජපානයේදී OSAKA සිනමා උළෙලේ සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුනා. එහිදී උළෙලේ තිරගත වුනු චිත්‍රපට වල චරිත නිරුපණය කළ සියළු ශිල්පිනියන් අභිබවා විශිෂ්ටම චරිත නිරුපණය උදෙසා වන “යාකුෂි මුතු” සම්මානය “අසන්ධිමිත්තා” චිත්‍රපටයේ අසන්ධිමිත්තාගේ චරිතය නිරූපණය කළ නිල්මිණි සිගේරා විසින් ලබාගෙන තිබෙනවා. උළෙලේදී චිත්‍රපටය සහ එහි රංගන ශිල්පිනිය වෙත උණුසුම් ප්‍රතිචාර ලැබුණු බවද සඳහන් වනවා.
චිත්‍රපටයේ අධ්‍යක්ෂ අසෝක හඳගම සහ රංගන ශිල්පිනි නිල්මිණි සිගේරා, ඔබට cinema.lk අපෙන් සුබ පැතුම්..!
Written by Nisanka Weheraduwa