OSCAR සම්මාන හයකට නිර්දේශ වුනු අපූරු සිනමාපටය

Avatar Nisanka Weheraduwa | February 26, 2018 52 Views 0 Likes 0 Ratings

52 Views 0 Ratings Rate it

OSCAR හෙවත් ACADEMY සම්මාන උළෙල යනු හොලිවුඩ් පුරයේ පැවැත්වෙන වාර්ෂික සිනමා මංගල්‍යයක් යයි කීම අතිශයෝක්තියක් නොවේ. වාර්ෂික සිනමා සම්මාන උළෙල සහ ඊට සමගාමිව පැවැත්වෙන සිනමා සැණකෙළියක් හොලිවුඩ් පුරයේ සෑම වසරකම පැවැත්වේ. මෙවර එනම් 2018 වසරේ එය පවත්වනු ලබන්නේ 90 වනි වරට වීම විශේෂත්වයකි. එසේම මෙවරත් සිනමා සම්මාන සඳහා 2017 වසර තුළ තිරගත කෙරුණු චිත්‍රපට අතුරින් තෝරාගත් නිර්මාණ විනිශ්චයට ලක් කෙරෙයි. පසුගියදා මෙලෙස තෝරාගත් සිනමාපට අතුරින් අවසන් නිර්දේශිත නාම ලෙස නාමාවලියක් නිකුත් කෙරින. මේ නිර්දේශයන් තීරණය වීමෙන් අනතුරුව මෙහි සම්මාන ලාභීන් කවුරුන්දැයි දැනගැනීමට බොලිවුඩ් සිනමා රසිකයින් මහත් උනන්දුවකින් පසුවෙයි. බොලිවුඩ් පුරයේ මෙන්ම ලෝකය පුරාමත් මේ පිලිබඳ මහත් උනන්දුවකින් පසුවන බව දැනගන්නට තිබෙන්නකි. ලොව පුරා ජනතාව උදෙසා සම්මාන උළෙල සජීවීව විකාශය කිරීමටද සැලසුම් කොට ඇත්තේ එහෙයිනි. 90 වැනි හොලිවුඩ් සිනමා මංගල්‍යය එළඹෙන මාර්තු මස 04 වැනිදා එනම්, ඉරිදා දිනයේ පැවැත්වෙනු ඇත.

නිර්දේශිත නාමයන් අතර අති සිනමාපට පිලිබඳ තොරතුරු ශ්‍රී ලාංකීය හොලිවුඩ් සිනමා රසිකයින් වෙත ගෙන ඒමට cinema.lk කටයුතු කරමින් සිටි. සම්මාන කිහිපයක් සඳහා නිර්දේශ වී අති චිත්‍රපට සහ ඒවායේ තොරතුරු පිළිබඳව සිනමා පාටක් වෙත තොරතුරු ගෙනෙන ලිපි මාලාව යටතේ තවත් විශේෂිත චිත්‍රපටයක් පිළිබඳව තොරතුරු සටහනකි මේ.

චිත්‍රපටය : Three billboards outside ebbing – Missouri

නිර්දේශිත සම්මාන සංඛ්‍යාව : හයකි.

2017 වසරේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය Crime drama film කාණ්ඩය යටතේ වර්ගීකරණය කොට තිබේ. චිත්‍රපටය සඳහා තිර රචනය කොට එය අධ්‍යක්ෂණ කොට ඇත්තේ Martin McDonagh විසිනි. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේද ඔහුමය. අධ්‍යක්ෂණය, තිර රචනය සහ රංගනය උදෙසා කිහිප වරක් සම්මානයට පාත්‍ර වීමට සහ නිර්දේශයන් අතරට එක්වීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබී තිබේ. තම නව යොවුන් වියේ දියණිය දුෂණය කොට මරා දැමූ පසු මවක් ඒ සිදුවීම සහ එහි ආශ්‍රිත කරුණු වලට මුහුණ දෙන ආකාරය චිත්‍රපටයේ සඳහන් වෙයි. දියණිය දුෂණය කොට මරා දැමීම සම්බන්ධයෙන් සත් මසක් වන තුරුත් කිසිවකු අත් අඩංගුවට පත් නොවීම නිසා දැඩි කලකිරීමට පත්වන මව ඊට එරෙහි වීම සඳහා භාවිතා කරන්නේ අපූරු ක්‍රමවේදයකි. නගරාශ්‍රිතව ඇති දැවැන්ත පුවරු (Billbords) තුනක් කුලියට ගන්න ඇය රතු වර්ණය තේමාව ලෙස යොදා ගනිමින් ඒවා භාවිතා කරමින් සිය විරෝධය දක්වයි. Raped while Dying, And still no arrests, How come, chief willougby ලෙස වැකි සඳහන් කොට ඇය මේ billboards භාවිතා කිරීමෙන් නගරයම කැළඹීමට පත්වෙයි. පොලිසිය සහ අනිකුත් වගකිවයුත්තන් මීට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසදැයි යන්න මේ චිත්‍රපටය හරහා සාකච්චාවට ලක් කෙරෙයි. Frances McDonagh මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නීය. Woody Harrelson, Sam Rocckwell, Abbie Cornish, JOhn Hawkes, Peter Dinklage ඇතුළු පිරිසක් අනිකුත් චරිත සඳහා රංගනයෙන් දායක වෙති. විනාඩි 115ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටය සඳහා වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 12කි.

75 වැනි Golden globe සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම තිර රචනාව ලෙස සම්මාන හතරක් දිනා ගැනීමට මේ සිනමාපටය සමත්ව තිබිණ. 24 වැනි Screen actor guild awards සම්මාන උළෙලේ සම්මාන ත්‍රිත්වයකට  හිමිකම් කීමටද මෙම චිත්‍රපටයට හැකිවිය. එලෙසින්ම 71 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන පහක් දිනා ගැනීමට චිත්‍රපටයට හැකිව තිබිණ.

OSCAR හෙවත් Academy සම්මාන උළෙලේ සම්මාන හයක් සඳහාද මෙම චිත්‍රපටය නිර්දේශ වී තිබේ. හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ වූ අතර හොඳම නිළිය සංධා වන නිර්දේශිත නාමයන් අතරට එක්වීමට Frances McDormand ට හැකිව තිබේ. හොඳම සහය නළුවා ලෙස Sam Rockwell නිර්දේශ වී ඇත. හොඳම ස්වතන්ත්‍ර තිර රචනාව ලෙස Martin McDonagh නිර්දේශිත නාමයන් අතරට එක්වී තිබේ. හොඳම සංස්කරණය සඳහා JOn Gregory සහ හොඳම ස්වතන්ත්‍ර ගීත නිර්මාණය සඳහා Carter Burwell නිර්දේශිත නාමයන් අතරට එක්ව ඇත. එළඹෙන 04 වැනිදා මේ නිර්දේශ අතුරින් සම්මාන ලාභීන් වන්නේ කවුරුන්දැයි දන ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Share

52 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.