පෝලන්ත සිනමා උළෙල

Avatar Cinema.lk A | October 21, 2013 38 Views 0 Likes 0 Ratings

38 Views 0 Ratings Rate it

POLISH CINEMA CLASSICS WEEKEND නමින් පෝලන්ත සිනමා උළෙලක් මෙරට පැවැත්වීමට මේ වන විට සියලු කටයතු සුදානම් කර තිබේ.මෙරට සිනමා ලෝලීන්ට විවිධ රටවල් වල සිනමා කර්මාන්තයන් හා සිනමාවේ භාවිතයන් ගැන වැඩිදුරටත් අධ්‍යයනයක නිරත වීම සඳහා පැවැත්වෙන මේ සිනමා උළෙල මේ මස 25 දා පටන් ආරම්භ වේ.එදින සවස 6.30 ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පෝලන්ත සිනමා කරුවෙකු වූ Andrzej Wajda,විසින් 1960 දි නිර්මාණය කරන ලද’Innocent Sorcerers ‘ සිනමා නිර්මාණයෙන් සිනමා උළෙල ආරම්භ කෙරෙන අතර 26 වන දින පෝලන්ත සිනමා කරුවෙකු වූ anusz Morgenstern ගේ Good bye See You Tomorrow’ චිත‍්‍රපටය සවස 3.30 ට සහ සවස 6.30 ට 1959දි තිරගත කරන ලද jerzy kawalerowicz ගේ ‘Night Train’ සිනමා නිර්මාණය ප‍්‍රදර්ශණය කෙරේ.

27වන දින සවස 3.30 ට අනෝමා රාජකරුණා විසින් මෙහෙයවන පෝලන්ත කලාත්මක සිනමාව මැයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන අතර මෙහිදී ආචාර්ය ධර්මසේන පතිරාජ , ධර්මසිරි බණ්ඩාරනායක සහ විමුක්ති ජයසුන්දර සාකච්ජාවේ විද්වතුන් ලෙස දායක වීමට නියමිතය.මෙම සාකච්ජාවෙන් අනතුරුව සවස 6.30 ට Andrzej Munk ගේ’ Eroica’ සිනමා නිර්මාණය ප‍්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව පෝලන්ත සිනමා උළෙල අවසන් වේ.

Share

38 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.