සනී ඉන්න R MMS 2 එක දවසින් මිලියනයක් බලලා
මීට ටික කාලේකට ඉහත දී වැඩිහිටි චිත්‍රපට වල විතරක් රඟපාපු සනී ලියොන් මේ වන විට ඉන්දියාවේ ඉන්න අංක එකේ තරුවක් බවට පත්වෙලා.ජෝන් ඒබ්‍රහම් රඟන “ෂුට් අවුට් ඇට් වඩාලා“ සිනමා පටයේ ලයිලා ගීතයෙන් ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත සනී,කලින් සිටි පොන් ස්ටාර් කෙනෙකු වග දැන් දැන් මුළු මහත් ඉන්දියානුවන්ටම අමතක වී ඇති පාටයි.
සනී ප්‍රධාන චරිත මවන රාගිනි එම් එම් එස් සිනමා පටයේ දෙවැන්නේ පුර්ව ප්‍රචාරක පටය පහුගිය දා අන්තර්ජාලයට මුදාහල විගසම වර්තා පිට වර්තා තබන්න සමත් වෙලා තියෙනවා.මේ පුර්ව ප්‍රචාරක පටය මුදා හැරලා දිනක් ගතවීමටත් මත්තෙන් මිලියනක් දෙනා මේ වීඩියෝව නරඹලා තියෙනවා.ඇත්තටම රාගිනි එම් එම් එස් සිනමා පටයේ පළමු චිත්‍රපටයද අතීශය ආකර්ෂණීය සිනමා පටයක් වුනත් මෙහි නවතම සිනමා පටය මේතාක් ප්‍රේක්ෂක ආකර්ෂණයට පත්වෙලා තියෙන්නේ සනී නිසා බවටයි වැඩි දෙනා පවසන්නේ.මේ වසරේ මාර්තු මාසයේ පටන් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට මෙහි සංවිධාකයින් මේ වන විටත් සියලු කටයුතු සම්පාදනය කර අවසන්.
Written by Cinema.lk A