Rajiv Kapoor ජීවිතයෙන් සමුගනියි.
Rishi Kapoor සහ Randhir Kapoorගේ බාල සොහොයුරා වන Rajiv Kapoor මියගොස් තිබෙනවා. හදවත් රෝගයක් හේතුවෙන් හෙතෙම රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි දැනගත් බව Randhir Kapoor මාධ්‍ය වෙත පවසා තිබෙනවා. මියයන විට ඔහු 58 වැනි වියේ පසුවූ බව සඳහන්.
‘Ram Teri Ganga Maili’ (1985), ‘Ek Jaan Hain Hum’ (1983) යන චිත්‍රපට වල රංගනයෙන් දායකත්වය ලබාදුන් ඔහු ‘Prem Granth’, නම්, Rishi Kapoor ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. හදිසි හෘදයාභාධය හේතුවෙන් අසනීප වී ඇති හෙතෙම, නිවසට ලඟම පිහිටි රෝහලට ඇතුළත් කිරීමට ඥාතින් කටයුතු කොට තිබෙනවා. නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ.
Written by Nisanka Weheraduwa