ළමුන් වෙනුවෙන් රන් කෙවිට 1 නොමිළයේ

Avatar Cinema.lk A | September 30, 2013 763 Views 2 Likes 5 On 1 Rating

763 Views 5 On 1 Rating Rate it

පුංචි ළමයි හුඟාක් කැමති වීරයන්ට,චිත්‍රපටි වල ඉන්න සමහර චරිතවලට…ඔවුන්ගේ සුන්දර ලෝක නිතරපාහේ පිරිලා ඉතිරිලා යන්නේ මේ වගේ චරිතවලිනුයි.ඔවුන් ආදරේ කරන අප්‍රමාණ කාටුන් චරිතයන් අතර රන් කෙවිට චිත්‍රපටයේ ගෝපලුගේ චරිතයට හිමිවන්නේ සුවිශේෂි තැනක්.මේ සුවිශේෂී කම හින්දම හෙටට යෙදිලා තියෙන ඔවුන්ගේම දිනයේදී මේ ගොපලුගේ චරිතය ඉන්න රන් කෙවිට පළමු සිනමා පටය නොමිළයේම ප්‍රදර්ශනය කරන්න ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති නිතිඥ අශෝක සේරසිංහ මහතා තිරණය කර තිබෙනවා.

හෙටට යෙදිලා තියෙන ලෝක ළමා දිනය නිමිති කරගෙන පෙන්වන්න යන මේ චිත්‍රපටය කොළඹ අවට පාසල් සිසුන් සඳහා නවය සහ එ‍කොළහ යන දර්ශන වාර දෙකකදී පෙන්වීමට සියලුකටයුතු සම්පාදනය කර තිබෙනවා.ඉතින් කුඩා දරුවන් වෙනුවෙන් මේ සුවිශේෂි අවස්ථාව හිමිකරදුන් ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපතිතුමන්ටත්,චිත්‍රපටයේ අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසුරිය මහතාටත් අප cinema.lk වෙනුවෙන් අපගේ ස්තුතිය පිරිනමා සිටිනවා.

Share

763 Views 5 On 1 Rating Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.