කිෂොර් කුමාර් චරිතයට රන්බීර්
රන්බීර් කපුර්….ගෙවුණු වසර රන්බීර් ගැන වෙනදාටත් වැඩියෙන් කතා බහ කෙරුන වසරක්.මෙතෙක් කාලයක් බොළඳ පෙම්වතාගේ චරිතයට පමණක් තම රංගන දායකත්වය මිඩංගු කළ මේ යෞවනයා ගිය වසර තුළ තම ප්‍රතිභා පුර්ණ රංගන කලාවෙන් ලොවක් මවිතයට පත් කළේ ඉන්දීය සිනමා ලෝලීන්ට තවත් අත්‍යාලංකාර රංගනයන් කිහිපයක් ම දයාද කරමිනි.ඔහුගේ අතිවිශිෂ්ට රංගනයන් අතුරෙන් බාර්ෆි චිත්‍රපටයේ ගොලු තරුණයාගේ චරිතය ඉතා කැපිපෙනෙන චරිත නිරුපණය ලෙස දැක්විය හැක.රන්බීර් ගේ මේ උසස් රංගන කෞෂල්‍ය නිසාවෙන්,ගුණාත්මක අතින් ඉහළ මට්ටමක ඇති චිත්‍රපටයන් සඳහා රන්බීර්ට ඇති ඉල්ලුම වැඩි වී ඇති බවක් පෙනේ.
බාර්ෆී චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුරාග් බාසු තමන් ගේ නවතම චිත්‍රපටය සඳහා ද තෝරා ගෙන ඇත්තේ රන්බීර්වයි.ඔහු ගේ පෙර චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටය ද ඉතා අකර්ෂණීය කතා තේමාවකින් සන්නද්ධයි.මෙ චිත්‍රපටය තැනෙන්නේ ඉන්දීයානු සිනමා වංශ කතාවේ අමරණිය චරිතයක් වු ගායන ශිල්පි කිෂොර් කුමාර්ගේ ජිවිත කතාව පාදක කර ගනිමිනුයි.මේ චිත්‍රපටයේ රන්බීර් පණපොවන්නේ කිෂොර් කුමාර් ගේ චරිතයටයි.රන්බීර් මේ චිත්‍රපටය තුළදී ද තමන්ගේ දක්ෂතා මැනවින් පල කරනු ඇති බවට හුඟ දෙනෙක් විශ්වාස කරන අතරම රන්බීර් වැනි දක්ෂ තරුණ නළුවෙකු කිෂොර් ගේ චරිතයට පණ පෙවීම සම්බන්ධයෙන් කිෂොර් ගේ පවුලේ උදවිය තුළද ඇත්තේ පුදුමාකාර සතුටකි
Written by Cinema.lk A