Saaho වසරේ තුන්වැනි “වැඩිම පළමුදින ආදායම” වාර්තා කරයි
Sujeeth තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම ඉන්දීය චිත්‍රපටය SAAHO ගැන බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. ඉන්දීය සිනමාවේ වගේම ලෝකය පුරාම ඉන්දියානු සිනමාවට ආදරය කරන රසිකයින් අතර මේ චිත්‍රපටය ගැන දැඩි කතාබහක් ඇතිවුනා. විශේෂයෙන් action & thriller චිත්‍රපටයක් නිසා බොහෝ ප්‍රේක්ෂක අවධානයක් මේ චිත්‍රපටය වෙත යොමුවුනා.
තිරගත වූ පළමු දිනයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතර තුන්වැනි ස්ථානය ගැනීමට saaho සමත්ව තිබෙනවා. ඒ පළමුදින ප්‍රවේශපත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 24.40ක් උපයමින්. මිට පෙර තිරගත කෙරුණු Bharat සහ Mission Mangal චිත්‍රපට දෙකම පළමුදින ලැබූ ආදායම ඉක්මවා යාමට saaho චිත්‍රපටයට හැකිවනු ඇතැයි අපේක්ෂා කළත් අනපේක්ෂිත ලෙස චිත්‍රපටය අන්තර්ජාලයට මුදාහැරිම නිසා ඒ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ බව ඉන්දීය මාධ්‍ය පවසා තිබුනා.
තිරගත වුනු පළමු දින දෙකේ ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායමක් ඉක්මවා යාමට චිත්‍රපටය සමත්වූ බවත් ඉන් හින්දි භාෂිත චිත්‍රපටය පමණක් රුපියල් කෝටි 79.08ක් පළමු දින තුන ඇතුලත ඉපයූ බවත් indiatoday වාර්තා කොට තිබුනා.
කෙසේ නමුත් මේ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වන බව මාධ්‍ය වාර්තා කරනවා. මිනිත්තු 170ක කාලයක් පුරා තිරගත වන මේ චිත්‍රපටය සඳහා යෙදවූ පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 350ක් පමණ වන බව පැවසෙනවා.
Written by Nisanka Weheraduwa