අයන් මෑන් හි සැබැ හිමිකරු අයන් මෑන් බලන්න ඇවිත්
ස්ටාන් ලී කියන්නේ මුළු ලෝකයක් ආදර කරන කොමික් චරිත කතා නිර්මාණය වෙන මහගෙදර “මාවල්“ හි මහමොල කරුවායි.ඔහු කොමික් කතා රචකයෙක්,සුප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්,නිෂ්පාදකවරයෙක් හා දක්ෂ ව්‍යාපාරිකයෙක්.ස්ටාන් හා ඔහුගේ පිරිස මැදිහත් වෙලා හදපු නිර්මාණ අතර ෆැන්ටැස්ටික් ෆෝ,හල්ක්,ස්පයිඩර් මෑන්,කැප්ටන් ඇමරිකා හා ෆ්ලැෂ් යන චරිත ලෝක පුජනීය කාටුන් චරිත සේ හඳුන්වන්න පුලුවන්.ස්ටාන් හා මාවල් හි ගමන් මඟ උඩුයටිකුරු කරපු සුපිරි වීර චරිතය වන්නේ ස්පයිඩර් මෑන් චරිතයයි.කොමික් කතා චරිතයන් අතුරින් තවමත් අධික ඉල්ලුමක් පවතින නිර්මාණය වන්නේ ස්ටාන්ගේ මේ මකුළු මිනිසායි.
ස්ටාන් මුල් කාලයේ නිර්මාණය කළ තවත් සුප්‍රසිද්ධ කොමික් කාටුන් චරිතයක් තමයි අයන් මෑන් කියන්නේ.ටෝනී ස්ටාර්ක් නම් ධනවත් සල්ලාල තරුණයෙකු නිර්මාණය කරනා මේ රොබෝ ඇඳුමට ලෝකයේ ලොකු කුඩා කවුරුත් එක ලෙස ඇලුම් කරනවා.මුල් යුගයේ කඩදාසි පිටු අතර නිර්මාණය වු මේ යකඩ මිනිසා පසුව චිත්‍රපටය නිර්මාණය කිරිමේ දී සැබැවටම නිර්මාණය කරනු ලැබුවා.එහි විවිධ අනුරූ සකස් කෙරුනේ, දෘශ්‍ය ප්‍රයෝග කලාවේ ප්‍රවීණයෙක් වු ස්ටාන් වින්ස්ටන්ගේ දෘශ්‍ය ප්‍රයෝග පාසලෙයි.දැවැන්ත සිනමා නිර්මාණයක් වශයෙන් එළිදැක්වු අයන් මෑන් සාර්ථක නිර්මාණයක් වශයෙන් කලඑලි බසින්න ස්ටාන් වින්සටන් දෘශ්‍යප්‍රයෝග ශිල්පීන් විශාල සහයෝගයන් ලබා දුන්නා.ඔවුන් නිර්මාණය කරපු සැබැ අයන් මෑන් අනුරු නරඹන්න දිනක් මේ “මාවල්“ හි හිටපු සභාපතිවරයා වු ස්ටාන් මේ වැඩබිමට පැමිණියා.මේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක්..
Written by Cinema.lk A



