සුනිල් ටී ගේ හැට
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මවන නවතම සිනමා සිතුවමක වැඩ කටයුතු පසුගිය දා ආරම්භ වුනා.මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ මෙරට වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කල සුනිල් ටී විසින්.මේ සුනිල් ටී ගේ හැට වෙනි චිත්‍රපට නිෂ්පාදනයයි.අප්‍රේල් මාසයේ රූ ගත කිරීම් ආරම්භ කෙරෙන මේ සිනමාපටය නම් කරලා තියෙන්නේ “සිංහයා“ යන නමිනුයි.රන්ජන් රාමනායක මෙහි ප්‍රධාන භුමිකාවට පණ පෙව්වත් මේ චිත්‍රපටය කුඩා ළමුන් දායක කරගෙන තැණෙන ළමා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ටී ගේ පෙර චිත්‍රපට ද්විත්වය වු “දරුවනේ“ හා “දෝණී“ සිනමාපටයන් අධ්‍යක්ෂණය කල වී.සිවදාසන් විසිනි.
‘සිංහයා’ සඳහා මහේන්ද්‍ර පෙරේරා, දුලීකා මාරපන, ආනන්ද වික්‍රමගේ, මිහිර සිරිතිලක මේ වනවිට තෝරාගෙන ඇති නළු නිළියන් වේ. ඔවුනට අමතරව ළමා නළු නිළියන් විස්සකට අධික ප්‍රමාණයක් මෙහි චරිත මවනු ඇත.
Written by Cinema.lk A














