සනී ලියෝන්ට බෑ කියූ සනී ඩියෝල්
‘Singh Saheb The Great’ නම් චිත්‍රපටයේ සරාගී චරිතයක් සඳහා සනී ලියෝන් තෝරාගෙන ඇති බව පසුගිය දා අසන්නට ලැබුනා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුප්‍රකට නළු සනී ඩියෝල් නම් අප්‍රසාදය පළ කර ඇති බවයි පැවසෙන්නේ. සනී ඩියෝල් මේ චිත්‍රපටයේ වීරයාගේ චරිතය නිරූපනය කිරීමට නියමිත බැවින් තමා හා සනී ලියෝන් සම්බන්ධව පැතිරිය හැකි කතා පිළිබඳව එතරම් කැමැත්තක් නැති බව ඔහු පවසා සිටියා.
ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක නිරූපිකාවක් වන “සනී ලියෝන් (Sunny Leone)” Jism 2 චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි තරුණියක්. චිත්‍රපටය බෙහෙවින් ජනප්‍රිය වුවත් සනී ලියෝන් සමඟ රංඟනයේ යෙදීමට බොහෝ ප්‍රසිද්ධ නළුවන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැත්තේ කටකතා වලට බියේ විය යුතුය.
කෙසේවෙතත් නීති පද්ධතියට අනුව අශ්ලීල ලෙස හැසිරෙන අසභ්‍ය සහ නිරුවත ප්‍රදර්ශනය කරනු ලබන ඕනෑම කෙනකුට ඉන්දියානු දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ බරපතළ දඬුවම් ලබා දිය හැක. නමුත් සනී ලියොන්ට විරුද්ධව තවමත් එවැනි නීතියක් ක්‍රියාත්මක වී නැතැයි කියන එරට නීති විශාරදයෝ දැන් චිත්‍රපටවලින් අනවශ්‍ය ලෙස නිරුවත ප්‍රදර්ශනය කිරීමට සූදානම් වුවහොත් අමාරුවේ වැටීමට ඉඩ තිබේ යෑයි කියා සිටිති.
සනී ලියෝන් බොලිවුඩ් සිනමාවට එක්‌වීමෙන් අලුත් තාලයේ කාම චිත්‍රපට රැල්ලක් බිහි වීමට ඉඩ ඇතැයි රෝ චෞද්රි නමැති මාධ්‍යවේදියා සඳහන් කරන අතර එම චිත්‍රපට රැල්ල දැනට නිෂ්පාදනයේ පවතින චිත්‍රපට ධාරාවට තර්ජනයක් වීමට ඉඩ තිබෙන බවද ඔහු කියා සිටියි.




Written by Cinema.lk