යුරෝපා චිත‍්‍රපට උළෙල දෙසැම්බර් මස 01දා සිට
යුරෝපා සංගමය, ඇලියොනිස් ෆ්‍රොන්සේස් කෝට්ටේ ආයතනය, බි‍්‍රතාන්‍ය කවුන්සලය, ජර්මන් සංස්කෘතික ආයතනය හා ප‍්‍රංශ, ඉතාලි, නෙදර්ලන්ත, නෝර්වේ, පෝලන්ත හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල එකතුව සංවිධානය කරනු ලබන යුරෝපා සිනමා උළෙල මෙවර පස්වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.
කොළඹදී පැවැත්වෙන චිත‍්‍රපට උළෙල දෙසැම්බර් මස 01 දින සිට 07 දින දක්වා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී දිනපතා සවස 3.30 සිට 6.30 ට චිත‍්‍රපට දර්ශනයෙන් ආරම්භ කෙරෙනු ඇත.
මෙවර උළෙලේ සංවිධායක කමිටුවේ සභාපතිත්වය දරනුයේ යුරෝපා සංගමයයි. උළෙලේ සම්බන්ධීකරණය ඇජෙන්ඩා 14 ආයතනයයි. පසුගිය වසරවල මෙන්ම මෙවරත් ජාතික චිත‍්‍රපට සංස්ථාව මෙම උළෙල සඳහා දායකත්වය ලබා දේ. ශ‍්‍රී ලංකාවේ දෙමළ භාෂිත සිනමාව වසර පනහක් සපුරණ 2012 වසරේ යුරෝපා සිනමා උළෙලේ ආරම්භක චිත‍්‍රපටය ලෙස තිරගතවනුයේ ඉනි අවන් ශ‍්‍රී ලාංකීය දෙමළ භාෂිත චිත‍්‍රපටයයි
“Two Days in Paris” සහ Black Venus” ප්‍රංශයෙන්ද, “Bon Voyage” සහ “Sonny Boy” fko¾,ka;fhkao” “The Deep Blue Sea” සහ “Salmon Fishing in the Yemen” uyd මහා බ්‍රිතාන්‍යෙයන් “My Words, My lies, My love” සහ “Mary & Johnny” ස්විස්ටර්ලන්තයෙන් “Limbo” iy “The Khatokeino Rebellion” නෝර්වෙන්ද “4 Days in May” iy “Schlafkrankheit” ජර්මනියෙන් ද “80 Millions” පෝලන්තයෙන් සහ “Into Paradiso”ඉතාලියෙන් තිරගත වන සිනමා පටයි.
ඉන් පසුව මෙම උළෙල කෑගල්ලේදී සහ යාපනයේදීත් පැවැත්වෙනු ඇත. කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලයීය ප‍්‍රාථමික ශ‍්‍රවනාගාරයේදී දෙසැම්බර් 08 වන දා පෙ.ව. 9.30 සිට රාත‍්‍රී 8.30 දක්වාත් යාපනය මහා වීදියේ CPA ශ‍්‍රවනාගාරයේදී දෙසැම්බර් මස 15 වනදා පෙ.ව. 9.30 සිට රාත‍්‍රී 8.30 දක්වාත් චිත‍්‍රපට දර්ශන පැවැත්වෙනු ඇත. යුරෝපා ජාතීන් හා ශ‍්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහයෝගීතාව හා මිත‍්‍රත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම චිත‍්‍රපට උළෙල සංවිධානය කෙරේ.
Written by Cinema.lk A
