ප්‍රතිරූ 23 දා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ

Avatar Cinema.lk A | November 22, 2012 82 Views 0 Likes 0 Ratings

82 Views 0 Ratings Rate it

ලාංකේය සිනමාවට ආදරය කරන්නන්ට නොවැම්බර් 23 දින ඉතා වැදගත් දිනයක් වනු ඇත.ඒ අපගේ සිනමා වංශකතාවට වෛද්‍යවරයකු විසින් පළමුවරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් එකතු වීමයි.මෙසේ තිරගතවීම අරඹනුයේ වෛද්‍ය කපිල සූරියආරච්චි ගේ ප්‍රතිරූ සිනමා පටයයි.මවුබිම වෙනුවෙන් සටන් වදින යුද සෙබළකු වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙය 23 දා පටන් ඊ.ඒ.පී මණ්ඩලයට අයත් සිනමාහල් වල ප්‍රදර්ශනය කිරිමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ජගත් බෙනරගම එම ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන අතර ජෝ අබේවික්‍රම, විජයරත්න වරකාගොඩ, මාලිනී ෆොන්සේකා, වීණා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, කපිල සූරියආරච්චි, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, දමයන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර, දිමුතු චින්තක, කෞශල්‍යා සමරසිංහ සමඟ විහඟ නිමේෂක රංගනයේ යෙදෙති.

ප්‍රතිරූ වෛද්‍ය හරිෂ්චන්ද්‍ර යකන්දාවල සහ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නිෂ්පාදනයකි

Share

82 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.