කත්‍රිනා වෙනුවෙන් ෂාරුක් ප්‍රතිපත්ති කඩයි

Avatar Cinema.lk | November 19, 2012 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

ජබ් තක් හේ ජාන් චිත්‍රපටය තිරගත වීම අරඹා තවමත් දින කිහිපයක් පමණක් ගතවී ඇතත් ඒ දින කිහිපය තුලදී ද අති විශාල ආදායමක් ඉපැයීමට සමත්ව තිබෙනවා.  ඒ කොහොම වුනත් මේ චිත්‍රපටයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණු දර්ශණය  වෙලා තියෙන්නේ ෂාරුක් කත්‍රිනාව සිපගන්නා දර්ශණය යි. ෂාරුක්ගේ රසික රසිකාවියන්ට මේ ගැන විශ්වාස කරන්නත් බැහැ ලු.

කවදාවත් සහය නිළියව සිපගන්නේ නෑ කියලා ෂාරුක් එයාටම දාගෙන තිබුනු නීතිය නිසයි මේ තරම් මේ සිදුවීම ප්‍රචලිත වුනේ. කවදාවත් අශ්වයෝ පදින්නෙ නෑ, සහය නිළියව සිපගන්නේ නෑ කියලා ෂාරුක් නීති දාගෙන හිටියේ මේ දෙකම කැමරාව ඉදිරියේදී කරන්න එයාට බෑ කියලා හිතපු නිසයි. ඒත් ජබ් තක් හේ ජාන් චිත්‍රපටයේ දී අකමැත්තෙන් වුනත් ෂාරුක්ට මේ දර්ශණයට පෙනී සිටින්නට සිදුවෙලා තියෙන්නේ යෂ් චොප්රාගේ බල කිරීම නිසාලු. ඒත් ඒ දර්ශණයෙන් චිත්‍රපටියට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා කියලා තමන්ට හැඟෙනවා කියලත් ෂාරුක් පවසා තිබෙනවා.

Share

56 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.