වෙන්වුණු ජස්ටින්-සෙලීනා ලොස් ඇන්ජලීස් නුවරදී එකට

Avatar Cinema.lk | November 17, 2012 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

ජස්ටින් බීබර් කියන්නේ ලොව පුරා ජනප්‍රිය යොවුන් ගායකයෙක්. ඒ වගේම සෙලීනා ගෝමස් කියන්නෙත් සුපිරි ගායිකාවක් වගේම නිළියක්. දැනට වයස 20ක් වෙන සෙලීනා හා ඇයට වඩා වසර 2කින් පමණ බාල ජස්ටින් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන සිටි බව කොයි කවුරුත් දන්නා දෙයක්. අවුරුදු 2ක් පමණ වෙන මේ ප්‍රේම සම්බන්ධය ගැන පසුගිය දවසක අහන්න ලැබුනේ දුක හිතෙන කතාවක්. ඒ මේ ප්‍රේමවන්තයින් දෙදෙනාගේ සම්බන්ධය නතර වෙලා කියලයි.

”ඒක කියන්නත් හරිම වේදනාබර අත්දැකීමක්. ‍සෙලීනා පහුගිය අවුරැද්දේම කරේ බීබර් නිසා අඬපු එකයි. සෙලීනා මේ සම්බන්ධය නවත්තන්න මීට කලින් උත්සහ කරා. ඒත් ඒ හැම සැරේම දෙන්නා ආයෙත් එකතු වුණා.“ සෙලීනාගේ යාළුවෙක් කියලා තිබුණේ එහෙමයි.  කොහොම වුනත් මේ සිදුවීමෙන් පස්සේ හොලිවුඩයේ බොහෝ දෙනා කිව්වේ ජස්ටින් කොහොමහරි සෙලීනාව යාළු කරගනීවි කියලයි.

කිව්වත් වගේම ඊට සතියකට පස්සේ දෙන්නා ආයෙමත් එකට ඉන්නවා දැකගන්නට ලැබිලා තියෙනවා. ඒ ලොස් ඇන්ජලීස් නුවරදී. LAX ගුවන් තොටුපළේ දී ඇයව මුණගැසුනු ජස්ටින්, ඇය ගෙදරටම ඇරලවූ බවයි ඇසින් දුටුවන් පවසන්නේ. මේ අතර සෙලීනාගේ මිතුරියක් පවසා සිටියේ ජස්ටින් ඔහුගේ පෙම්වතිය නැවත ලබාගැනීමට බොහෝ උත්සාහ කරන බවයි.

Share

84 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.