ටෙනිසන් කුරේ සමඟ ටෙනිසන් කුරේ

Avatar Cinema.lk A | August 19, 2013 216 Views 0 Likes 0 Ratings

216 Views 0 Ratings Rate it

සිනමාව තුළ සිනහවේ හිමිකාරිත්වය දරා සිටින නම් අතරින් ටෙනිසන් කුරේ නාමයට හිමිවන්නේ සුවිශේෂී තැනක්.ටෙනි කියන නම් ඇහුව සැනින්ම ඇතමෙක්ගේ මුවඟට සිනහවක් නිරායාසයෙන්ම ලැබෙන්නේ,ටෙනී කලා ලෝකයේ සිනහවට කිරුළු පලන් ඇති නිසාවෙනි.ඔහුගේ රංඟන දායකත්වයෙන් හැඩ වන නවතම චිත්‍රපටයක් ගැන තොරතුරු,ටෙනිසන් මාධ්‍යය සමඟ බෙදා ගත්තේ මේ අයුරිනි.

“මේ චිත්‍රපටය නම්කර තිබෙන්නේ ‘සුපිරි අන්දරේ’ නමිනුයි.ටෙනිසන් කුරේ සමඟ ටෙනිසන් කුරේ චරිතය මම මෙහි රඟ දක්වනවා. ඇත්තටම හොඳ චිත්‍රපටයක අර්ථවත් යමක් කරන්න මම මඟ බලාගෙන සිටියේ. මම හිතපු නැති විදිහට “සුපිරි අන්දරේ” චිත්‍රපටයට දායක වෙන්නට මට අවස්ථාව හිමිවුණා.”

“මෙය අධ්‍යක්ෂණය කරන්නේ මිචෙල් ‍ෆොන්සේකා. ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය මෙයයි. මිචෙල් මෙහි තිරරචනය කර තිබෙන්නේ ප්‍රධාන චරිතය සඳහා මාව හිතේ තබාගෙනයි. මේ ගැන මිචෙල් මාත් එක්ක හුඟාක් වෙලා කතාබහ කළා. මෙහි මම ද්විත්ව චරිත රඟපානවා. චිත්‍රපටයකට හාස්‍යය ඇතුළත් කියලා කිව්වහම හුඟාක් දෙනා හිතන්නේ නිකම්ම නිකං පිස්සු නටනවා කියල. නමුත් මේ චිත්‍රපටය එහෙම දෙයක් නෙවෙයි.

මේ චිත්‍රපටය සිනමාත්මක චිත්‍රපටයක්. යම් සැලැස්මක් ඇතිව ලස්සනට කරන විත්තිය මට පෙනෙනවා. පවුලේ සැමට එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක් මෙය. ඒ වගේම ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයත් හරහා ද්විත්ව රංගනයක මම නියැළෙනවා. මේ චිත්‍රපටය රසිකයන්ට වගේම මටත් විශේෂයි.

Share

216 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.