නාකි තුනයි,එක කෙල්ලයි
සාමාන්‍යයෙන් වයසට යන කොට ගොඩාක් අයට හිතන් ඉන්න සමහර දේවල් කරගන්න බැරුව යනවා.ඒ සමහර දේවල් අතරට “මනමාලකමටත්“ සැලකියුතු බාධාවක් වයස නිසා ඇති වෙනවා.මේ විදියට නාකි විසේ හැඳුණු තුන් කට්ටුවක් ගැන කියැවෙන අපුරු සිනමාපටයක් ගැන කියන්නයි අද අපි සුදානම් වෙන්නේ.
චිත්‍රපටය නමින් The Shaukeens.මේක හින්දි චිත්‍රපටයක්.හින්දියෙන් මේ වචනය කොහොම කියවෙනවද කියලා හරියටම දන්නේ නැති නිසා තමයි චිත්‍රපටයේ නම ඉංග්‍රීසියෙන් ලිව්වේ.මේ චිත්‍රපටය Shaukeens කියන පැරණි හින්දි චිත්‍රපටයක නැවත නිෂ්පාදනය වශයෙනුයි නැවතත් කරළියට පැමිණේන්නේ.අනු කපුර්,අක්ෂේ කුමාර්,පියුෂ් මිෂ්රා,අනුපම් කේර් සහ ලීසා හේඩන් රඟන මේ සිනමාපටය අභිෂේක් ශර්මාගේ අධ්‍යක්ෂණයක්.
වයසට ගිහින් මනමාලකම හොඳ නොවුනු පුද්ගලයන් තිදෙනෙකු හා රූමත් තරුණියක් වටා දිවෙන මේ සිනමාසිතුවම කොමඩි කැටගරියට අයත් සිනමාපටයකි.
Shaukeens පැරණි හින්දි චිත්‍රපටය
Written by Cinema.lk A
