[Download] ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ආදරණීය තිළිණයක්

Avatar Cinema.lk A | February 13, 2013 223 Views 0 Likes 0 Ratings

223 Views 0 Ratings Rate it

ආදරය කියන්නේ මේ ලෝකේ කොයි කවුරුත් විදින්න ආස සුන්දර හැඟීමක්.ඒ සුන්දර හැඟීම තව තවත් වර්ණවත් කරන්නයි cinema.lk අපි මේ සුදානම් වෙන්නේ.මේ ගෙවී යන ආදරවන්තයින්ගේ මාසය පුරාවට ඔබට ආදරය කරන අයත් සමඟ රිසි සේ නරඹන්න චිත්‍රපට පෙලක් ඔබ වෙනුවෙන්ම අප ලබා දෙනවා.

ඉතින් ආදරේට ආදරේ කරන ඔබ වෙනුවෙන්ම අප ලබා දුන් මේ වටිනා කියන ත්‍යාගය ඔබ මේ ලොකේ වැඩියෙන්ම ආදරය කරන ඔබේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට තිළින කර ඒ ආදරයට තවත් වටිනාකමක් එක්කර ගන්න.


 

MY GIRL AND I – 2005 [KOREAN]

සූ-හෝ අපේ කතාවේ ප්‍රධාන චරිතය වසර 10 පමණ පසු තම ගමට පැමිනෙනවා ඒ ඔහුගේ පෙම්වතිය මිය ‍ගොස් වසර 10 පමණ පසු. එහිදී ඔහුගේ පාසල් මිතුරන් පිරිසක් හමුවන ඔහුගේ මතක අතිතය වෙත ඇදී යනවා. ඔහු මුහුදේ නෑමට ගොස් දියේ ගිලුන පසු ඔහු බේරාගන්න පසල් සිසුවිය අවසානෙදි ඔහුගේ පෙම්වතිය බවට පත්වීම, ඇය සමග කාලය ගෙවී ගිය හැටි ඇයට ලියුකේමියා වැලදී අවාසනාවන්ත ලෙස මියගිය හැට් ඔහුට සිහි වනවා.මේ චිත්‍රපටය ඉතාමත් දුක්බර අයුරින් නිමවී ඇති ලස්සන චිත්‍රපටයක්.එන්න මෙය නරඹන්න.ආදරේ අප නොදකින ගැඹුර ඔබත් ඇවිදින් විඳගන්න.

 

image
Director: Yun-su Jeon
Writer: Jae-young Kwak
Stars: Tae-hyun Cha, Hae-suk Kim and Yun-seok Kim
Genre: Romance
Original title: Parang-juuibo

image

 


 

The Girl Next Door – 2004 [HOLLYWOOD]

cinema.lk  අපි මීළගට දෙන්නේ තරමක වෙනස් චිත්‍රපටයක්.මුලින්ම කියන්න ඕන මේක නම් පොඩි ළමුන් බලන්න සුදුසු චිත්‍රපටයක් නොවෙයි.මේ චිත්‍රපටයේ කතාව ගලායන්නේ මෙහෙමයි.මේ කතාවේ කතා නායකයා පාසල් ශිෂ්‍යයයෙක්.වැඩි දැගලිල්ලක් නැති තමන් පාඩුවේ ඉන්න කැමති ඔහු අධ්‍යාපනයට ගොඩක් ඇල්මක් දක්වන ළමයෙක්.දිනක් මේ කොලු ගැටයාගේ අල්ලපු නිවසට රූමත් තරුණියක් පැමිණෙනවා.මේ රූමත් තරුණිය හා මිත්‍ර වන මේ පාසල් ශිෂ්‍යයා ඇය සමඟ සමීප ඇසුරක් පවත්වා යනවා.මේ ආශ්‍රයේ ප්‍රතිඵලයක් විදියට මේ තරුණයා අර රූමත් තරුණියට ආලය කරන්න පටන් ගන්නවා.නමුත් මේ තරුණිය ගැන තම මිතුරන්ගෙන් අහන්න ලැබෙන දෙයින් පසුව මේ තරුණයාගේ ආදර ලෝකය දෙදරා යන්න පටන් ගන්නවා.තම යහලුවන් මාර්ගයෙන් ඔහුට දැන ගැනීමට ලැබෙනවා ඇය නිල් චිත්‍රපට වල පෙනී සිටින නිරුපිකාවක් කියලා.ඒත් අර තරුණියට අවංකවම ආදරය කරන මේ තරුණයා තමන්ගේ ආදරේ වෙනුවෙන් මුළු ලෝකයක් හා සටන් වදින අයුරු මේ චිත්‍රපටයේ මනාවට චිත්‍රනය කරනවා.

 

the-girl-next-door-poster

 

 


 

Sillunu Oru Kadhal -2006 [TAMIL]

 

දමිළ චිත්‍රපට රසිකයන් වෙනුවෙන් තමයි cinema.lk අපි මේ චිත්‍රපටය තිළින කරන්නේ.මේ චිත්‍රපටයේ කතාව මේකයි.කුන්දවී නම් තරුණියක් පාසල් කාලයේදී තම යහලුවන් සමගින් ආදරය කර විවාහ වීමට කැමැත්තෙන් පසුවෙයි එහෙත් ඇයගේ නිවසේ හුරතලිය නිසාත් නිවසේ අයගේ සිත රිදවීමට අකමැති නිසාත් විවාහ යෝජනාවකින් ඇය විවාහ වෙනව. ඔවුන්ට දරුවෙකුත් ලැබෙනව ඔවුන් තරම් ආදරෙන් සිටින තවත් අය නැති තරම් එහෙත් කාලයාගේ ඇවෑමෙන් ගෞතම් ගේ පැරණි දින පොතක් කුන්දවීට හමුවෙනවා ඔහුගේ පැරණි පෙම ගැන එහි සදහන් වෙනවා, ඉන්පසු කුමක් සිදුවේද ඔහු වැඩිපුර ආදරය කරන්නේ කාටද ඇසට කදුලක් නංවමින් කතාවේ අවසානය දක්වා ඔබට එක හුස්මට නැරඹිය හැකි චිත්‍රපටියකි.

Sillunu Oru Kaadhal

jillunu-oru-kaadhal-wallpaper

 


 

 

The Lucky One –2012 [HOLLYWOOD]

තවත් ලස්සන ආදර කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ. ද නෝට්බුක්, අ වෝක් ටු රිමෙම්බර්, ඩියර් ජෝන්, මැසේජ් ඉන් අ බොට්ල් චිත්‍රපටි වලට පාදක වුනු නවකතා වලම රචකයා වන නිකලස් ස්පාර්ක්ස් විසින්ම තමයි මේ කතාවට පදනම වන නවකතාවත් රචනය කරලා තියෙන්නේ. ලෝගන් ඉරාකයේ සේවයේ නියුතු වෙලා ඉන්න ඇමෙරිකානු මැරීන් භටයෙක්. සටන් බිමේදී ඔහු එක්තරා තරුණියකගේ ජායාරුපයක් දකිනවා බිම වැටිලා තියනවා දකිනවා. එය අහිදගන්න ඔහු යනවා. ඒ අතරේදී ඔහු කලින් සිටි ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා එහි සිටි සියලු දෙනා මරණයට පත් වෙනවා. ජායාරුපය නිසා දිවි ගලවා ගන්නා ඔහු නැවත තම රටට පැමිණි පසු අර ජයාරුපයේ සිටි තරුණිය සොයා යනවා ඇයට ස්තුති කරන්න. එතනින් පස්සේ කතාව දැනගන්න චිත්‍රපටිය බලන්න වෙයි.

 

 

 


 

Kites – 2010 [BOLLYWOOD]

මේ චිත්‍රපටයේ කතාව මේකයි.ලාස් වේගාස් වල ජීවත්වන තරුණයෙක්ගේ ජීවිතය මෙක්සිකානු තරුණියක් නිසා වෙනසකට ලක්වීම තමා පෙන්නුම් කරන්නේ. ලස්සන ආදර කතාවක්. ඒ වගේම ක්‍රියාදාම වලිනුත් පිරුණු චිත්‍රපටයක්. රිතික් ඉන්නකොට කියන්න ඕන නෑ නේ ඇස් කඩලා යන නැටුම් තියෙනවා කියලා. මම කතාව කියන්නෙ නෑ ඔයාලා බාගෙනම චිත්‍රපටය බලන්න.මේ හැමදෙයක්ම cinema.lk වෙතින්ම පමණයි

 

kites-jun1st-wallpaper03

 

 

 

Share

223 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.