මේකෙන් අසීමිතව මුදල් හොයනවා තමයි. නමුත් ඒක බුදු දහමේ වැරැදියි කියලා නෑ – සනත් අබේසේකර
සිරි දළදාගමනය කියන්නේ සනත් අබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කළ දැවැන්ත ඓතිහාසික සිනමාපටයක්.මේ සිනමානිර්මාණය සනත් අබේසේකරයන් අධ්‍යක්ෂණය කළ දෙවන ඓතිහාසික සිනමාසිතුවමයි.මින් පෙර ඔහු තැණු “මහින්දාගමනය“ නම් සිනමාපටය ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වුවා.මේ සිනමාපටය නිර්මාණය කිරිමේදී සනත් අබේසේකරයන්ට නොයේක විදියේ අරුම පුදුම දේවල්වලට මුහුණපාන්න සිදුවෙලා තියෙනවා.ඔහු මේ චිත්‍රපටයේ පිටපත රචනා කරලා ඒ පිටපත දළදාවහන්සේට පුජා කරලා තියෙනවා.මේ පුජාව කරලා අබේසේකරයන් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මෙි සිනමාසිතුවම කරන්න පිංවන්ත නිෂ්පාදකවරයෙක් ලැබෙන්න කියලයි.කොහොමින් කොහොම හරි ටික කාලයක් යද්දී ඔස්ට්‍රේලියාවේ වැඩ වාසය කරන පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමිපාණන් වහන්සේ මේ චිත්‍රපටය කරන්න ලක්ෂ 500 ක් දෙන්න පොරොන්දුවෙලා තියෙනවා.ඒ විතරක් නෙවෙයි මෙහි ඉතිරි වැඩකටයුතු කරන්න අනුග්‍රාහකයින් හා සෙසු නිෂ්පාදකයින්ද මොහුට මුණගැහිලා තියෙන්නේ හරිම පුදුම විදියටයි.
තමන්ගේ ඉදිරියට කරන්න යන නිර්මාණත් බෞද්ධ ආගමික පසුබිමක් යටතේ නිර්මාණය කරන්න හිතාගෙන ඉන්න අබේසේකරයන් තමන්ගේ වෘත්තිය ගැන දැක්වුයේ මෙවැනි අදහසක්..
“බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ දැහැමින් සෙමින් දියුණුව කරා යන්න කියලයි. උන්වහන්සේ වදාළ නොකළ යුතු කර්මාන්ත වන සත්ත්ව ඝාතන, මත්ද්‍රව්‍ය විකිණීම වැනි කර්මාන්ත මම කරන්නේ නෑනේ. මම කරන්නේ වෙළෙදාමක් තමයි. නමුත් එයත් මිනිස් සිත් පීඩාවට පත් කරන්නේ නෑ. ඒ මඟින් මිනිසුන් අගාධයට යොමු කරන්නේ නෑ. මිනිස් සිත් ශ්‍රද්ධාවෙන් පුරවලා ආනන්දයෙන් ප්‍රඥාවට පත් කිරිමක් තමයි මෙයින් වෙන්නේ. මේකෙන් අසීමිතව මුදල් හොයනවා තමයි. නමුත් ඒක බුදු දහමේ වැරැදියි කියලා නෑ“
Written by Cinema.lk A