Goa කෙටි චිත්‍රපට උළෙලට ලංකාවෙන් නිර්මාණ තුනක්

Avatar Nisanka Weheraduwa | November 23, 2020 220 Views 0 Likes 1 On 1 Rating

220 Views 1 On 1 Rating Rate it

7 වැනි Goa කෙටි චිත්‍රපට උළෙලේ ජාත්‍යන්තර තරගකාරී අංශය වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කරුවන් තිදෙනෙකුගේ නිර්මාණ තෝරාගෙන තිබෙනවා. සුදත් අබේසිරිවර්ධන නිර්මාණය කළ “Where’s my route”, ධනුෂ්ක විජේසුරියගේ “Prisoners” සහ චතුර විමංශ ප්‍රනාන්දුගේ “One Blood” කෙටි චිත්‍රපට ත්‍රිත්වය මෙලෙස Goa කෙටි චිත්‍රපට උළෙල නියෝජනය කරනු ඇති.

ධිවර ගමක ඉපදෙන තරුණයකු මාධ්‍යවේදියකු ලෙස ව්‍යාජ ලිපිලේඛන සකසාගෙන ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කරයි. එම ගමන වළක්වා දෙනලෙස ධීවර තරුණයින් පිරිසකගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ මවය. ඇගේ ඉල්ලීම පිට තරුණයාගේ සියලු ලිපි ලේඛන විනාශ කර දමන ධීවර පිරිස ඔහුට තර්ජනය කරයි. සිහින බිඳීගිය තරුණයා, ඔහුගේ ඉදිරි ජීවිතය සහ මව සමග ඇති සබඳතාව ගැන Where’s my route කෙටි චිත්‍රපටයට අන්තර්ගත වේ. සුදත් අබේසිරිවර්ධන තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය Agenda-14 නිෂ්පාදනයකි.  මීට පෙර මෙම කෙටි චිත්‍රපටය International Competition – Best Short Film, Hanoi International Film Festival 2018, Hanoi, Vietnam 2018, Official Selection – Bengaluru International Film Festival, India, 2018, Jaffna International Film Festival, Jaffna, 2018, South Asian Competition – 2nd South Asian Film Festival 2019, Kolkata, India 2019, SIGNIS Awards Festival, Sri Lanka 2019, Agenda 14 Short Film festival, Colombo, Sri Lanka 2018 යන සිනමා උළෙල නියෝජනය කිරීමට සමත් වුනා.

යුද්ධය නිසා ජීවිත අහිමි වීමට අමතරව සිය අනන්‍යතා අහිමිව ගිය ගැහැණුන් සහ මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපටයක් වන “Prisoners” මෙවර Goa සිනමා උළෙල තරගකාරී අංශය නියෝජනය කරන අනික් කෙටි චිත්‍රපටය වෙනවා. ධනුෂ්ක විජේසුරිය තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මේ කෙටි චිත්‍රපටයේ දර්ශන් ධර්මරාජ් සමග අනෝමා ජනාදරී රංගනයෙන් දායක වී තිබෙනවා.

2018 Jaffna International cinema festival,  
2019 ITN Digicon6 Srilanka Short film festival
First-Time Filmmaker Sessions June 2020 – Official Selection, 
10th Pune Short Film Festival 2020 –  official selection යන සිනමා උළෙල නියෝජනය කිරීමට Prisoners කෙටි චිත්‍රපටය සමත්ව තිබෙනවා.
චතුර විමංශ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ One Blood කෙටි චිත්‍රපටයත් මෙවර Goa කෙටි චිත්‍රපට උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍යාම් ප්‍රනාන්දු, චවින්ද්‍ර චන්ද්‍රසේන සහ චවිරු පෙරේරා මේ කෙටි චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. පිටපත රචනා කොට තිබෙන්නේ චතුර විමංශ විසිනුයි. පියපුතු සම්බන්ධතාව පිළිබඳව තමන් කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක ප්‍රකාශනයක් ලෙස මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කළ බව එහි අධ්‍යක්ෂ චතුර විමංශ ප්‍රකාශ කරනවා. මීට පෙර Hollywood – Venus සම්මාන උළෙලේ හොඳම රංගනය සඳහා වන සම්මානය මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍යාම් ප්‍රනාන්දු විසින් හිමිකරගත්තා. 2019 වසරේ Jaffna international film festival, එම වසරේම Agenda 14 film festival සහ Pinwood studio London සංවිධාන කළ Lift off global fist-time filmmaker session (2019) උළෙල වල අවසන් වටය නියෝජනය කිරීමටද මෙම කෙටි චිත්‍රපටය සමත්ව තිබෙනවා. මෙවර GOA කෙටි චිත්‍රපට උළෙලේ අන්තර්ජාතික තරගකාරී අංශය නියෝජනය කිරීමටද මේ චිත්‍රපටය තෝරාගෙන තිබෙන බව චතුර විමංශ සඳහන් කළා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර GOA කෙටි චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කරන සුදත් අබේසිරිවර්ධන, ධනුෂ්ක විජේසූරිය සහ චතුර විමංශ නිර්මාණකරුවන් තිදෙනාටම cinema.lk අපි, උණුසුම් සුබපැතුම් එක්කරනවා.
Share

220 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.