හෝ ගානා පොකුණ චිකාගෝ යයි.[video]
සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන ඉන්දික ෆර්ඩිනැන්ඩෝ සිනමා අධ්‍යක්ෂණයෙන් හැඩ වු “හෝ ගානා පොකුණ‘තිස් එක්වැනි චිකාගෝ ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් හිමිවී තිබේ.රටවල් හතළිහක් නියෝජනය කරමින් චිත්‍රපට දහ අටක් මෙම උළෙලට තේරී පත් ව ඇති මෙම උළෙලේ ආසියාව නියෝජනය කරන එකම සිනමාපටය හෝ ගානා පොකුණ වීම විශේෂත්වයකි.
ඉන්දික ගේ තිර රචනයකට අනුව සැකසුන මෙය ළමා චිත්‍රපටයකි. ළමා නළුවන් දහ අටදෙනකු සමඟ ජයලත් මනෝරත්න, ලූෂන් බුලත්සිංහල, ජගත් චමිල, ගීතා කාන්ති ජයකොඩි, අනුසුයා සුබසිංහ, හයසින්ත් විජේරත්න, සැනෙට් දික්කුඹුර, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, ඩී. බී. ගංගොඩතැන්න, අමා විජේසේකර, වසන්ත මුහන්දිරම්, පි‍්‍රයන්ත සිරිකුමාර, මෙහි රංගන දායකත්වය සපයති. හෝගානා පොකුණ නිෂ්පාදනයෙන් කුසුම්සිරි ලියනාරච්චි, යශෝධරා සරච්චන්ද්‍ර, දයානන්ද ලියනආරච්චි, බිමල් ප්‍රනාන්දු, නිරෝෂා ප්‍රනාන්දු, ශ්‍යාමා අතුකෝරල සහ ගීතා මුතුමාලගේ එක්වී ඇත. චන්න දේශපි‍්‍රය ගේ කැමරා අධ්‍යක්‍ෂණයකි. දමින්ද ඩී. මඩවල සහාය අධ්‍යක්‍ෂවරයාය. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, මංජුල අයගම කලා අධ්‍යක්‍ෂණයෙන් ද මෙයට සහභාගි වී තිබේ. පි‍්‍රයන්ත දිසානායකගේ අංග රචනයකි. ශෂික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණ ශිල්පියාය. පාලිත තෙන්කෝන් ගේ කළමනාකරණයකි. ආනන්ද ලියනාරච්චි නිෂ්පාදන විධායකවරයාය.
හෝ ගානා පොකුණ ලබන වසරේ මැදදී ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලාවන් හි තිරගත වීමට නියමිතය.
Written by Cinema.lk A