නඩරාජා සිවම් දිවිසැරිය නිමා කරයි
ප්‍රවීණ ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යවේදියකු මෙන්ම සිනමා සහ ටෙලිනාට්‍ය නළුවකුද වූ සින්නයියා නඩරාජා සිවම් මහතා සිය දිවිසැරිය නිමවයි. අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ජුනි 24 වැනිදා රාත්‍රියේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදකයකු ලෙස දිගු කලක් තිස්සේ කටයුතු කළ හෙතෙම, ද්‍රවිඩ ප්‍රවෘති නිවේදකයකු ලෙසද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය විය. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක ආරම්භක වැඩසටහන් කළමණාකරු සහ උපදේශකයකු ලෙසද ඔහු සිය සේවය ලබාදී තිබේ. 1997 වසරේ තිරගත වුනු “සුදු අක්කා” 2010 වසරේ තිරගත කෙරුනු යුධ ගිනි මැද සහ සෙල්වම් (2011) ඇතුළු චිත්‍රපට කිහිපයකටත් ටෙලිනාට්‍ය සඳහාත් හෙතෙම රංගනයෙන් දායක විය.
මියයන විට 74 වැනි වියේ පසුවූ නඩරාජා සිවම්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.
Written by Nisanka Weheraduwa