සිනමා තරු බැබලුණු 67 වැනි Filmfare සම්මාන රාත්‍රිය.

Avatar Kavinu Weerakkody | September 1, 2022 301 Views 0 Likes 0 Ratings

301 Views 0 Ratings Rate it

හින්දි සිනමාවේ විශිෂ්ටයින් ඇගයීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන විවිධ සිනමා උළෙල අතරින් ප්‍රමුඛතම සහ ජනප්‍රියම උත්සවය ලෙසටයි ෆිල්ම්ෆෙයා (Filmfare) සම්මාන උළෙල හැඳින්වෙන්නේ. 1954 වසරේදී පළමු වරට පැවැත්වුනු මෙය ආසියානු කලාපයේ පැරණිතම සිනමා සම්මාන උත්සවයක්. ක්ෂේත්‍රයේ දැවැන්ත සිනමා තරු, පිරිවරාගෙන අති උත්කර්ෂවත් අන්දමින් සංවිධාන වන Filmfare උළෙල නොකඩවා 67වන වතාවටත් පැවැත්වුනා.

2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාල වකවානුවේදී තිරගත වුනු චිත්‍රපට අතුරින් විශිෂ්ට නිර්මාණ උදෙසා මෙවර සම්මාන පිරිනැමුනා. රන්වීර් සින් සහ අර්ජුන් කපූර් විසින් මෙහෙයවූ මෙවර සම්මාන උළෙලට බොලිවුඩ් නළු නිළියන් ගණනාවක්+ නර්තන අංග එක් කොට තිබුනා.
Filmfare Awards 2022 හි වැඩිම සම්මාන ප්‍රමාණයක් ජයග්‍රහණය කලේ  විකී කෞෂාල් ප්‍රධාන චරිත නිරූපණය කළ Sardar Udham සිනමාපටයයි. අවසාන නිර්දේශවීම් 14කින් සම්මාන 09ක් දිනා ගැනීමට ඊට හැකියාව ලැබුනා.

මෙවර හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුනේ Ranveer Singhටයි. ක්‍රිකට් ක්‍රීඩක කපිල් දෙව්ගේ චරිතය නිරූපණය කරමින් ’83 චිත්‍රපටයේ ඔහු කළ රඟපෑම උදෙසා එම සම්මානය හිමිවුණා. “Best Actor” උදෙසා රන්වීර් ලබා ගත් තුන්වන ෆිල්ම්ෆෙයා සම්මානය මෙයයි.  Shershah චිත්‍රපටය, “Best Film” සම්මානයට හිමිකම් කියන්නට සමත් වූ අතර එහි අධ්‍යක්ෂකවරයා වූ Vishnuvardhanව, හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයට පාත්‍ර වුනා. Mimi හරහා පෙරළිකාර රංගනයක් ඉදිරිපත් කළ Kriti Sanon මෙවර හොඳම නිළිය වූවා.

Popular Awards කාණ්ඩය යටතේ මෙවර ජය ලැබූ ප්‍රධානම චිත්‍රපට කිහිපය සහ එහි සෙසු නිර්දේශවීම් මෙසේයි.

Best Film  

Ramprasad Ki Tehrvi
Shershaah
Rashmi Rocket
Sardar Udham

Best Director

Seema Pahwa – Ramprasad Ki Tehrvi
Akarsh Khurana – Rashmi Rocket
Vishnuvardhan – Shershaah
Shoojit Sircar – Sardar Udham
Kabir Khan – 83

Best Actor   

Ranveer Singh – 83 as Kapil Dev
Sidharth Malhotra – Shershaah as Captain Vikram Batra
Dhanush – Atrangi Re as S. Venkatesh Vishwanath ‘Vishu’ Iyer
Vicky Kaushal – Sardar Udham as Udham Singh

Best Actress

Vidya Balan – Sherni as Vidya Vincent
Parineeti Chopra – Sandeep Aur Pinky Faraar as Sandeep Kaur
Taapsee Pannu – Rashmi Rocket as Rashmi Chibbar
Kriti Sanon – Mimi as Mimi Rathore
Kiara Advani – Shershaah as Dimple Cheema

Best Supporting Actor   

Abhishek Banerjee – Rashmi Rocket
Pankaj Tripathi – Mimi
Manav Kaul – Saina
Pankaj Tripathi – 83
Paran Bandopadhyay – Bob Biswas
Raj Arjun – Thalaivii

Best Supporting Actress

Kirti Kulhari – The Girl on the Train
Konkona Sen Sharma – Ramprasad Ki Tehrvi
Meghna Malik – Saina
Neena Gupta – Sandeep Aur Pinky Faraar
Sai Tamhankar – Mimi

2021 වසරේදී සිනමාවට පිවිසි නවකයින් වෙනුවෙන් ද මෙවර සම්මාන ත්‍රිත්වයක් වෙන් කළ තිබූ අතර හොඳම නවක රංගන ශිල්පියා සහ ශිල්පිනිය, හොඳම නවක අධ්‍යක්ෂකවරයා යන කාණ්ඩ ඔස්සේ එහිදී සම්මාන පිරිනැමුනා.
99 Songs හි රඟපෑ Ehan Bhatt ‘හොඳම නවක නළුවා’ ලෙසත්, Bunty Aur Babli 2 හි රඟපෑ Sharwari Wagh ‘හොඳම නවක නිළිය’ ලෙසත් ජයග්‍රහණ ලබා ගද්දී ‘හොඳම නවක අධ්‍යක්ෂකවරයා’ වූයේ Ramprasad Ki Tehrvi සිනමාපටය නිර්මාණය කළ Seema Pahwaයි. ඇය කාලයක සිටම ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක ද වනවා.

මෙවර ෆිල්ම්ෆෙයා උළෙලේ තිරපිටපත් සහ සංගීත අංශයේ සම්මාන බෙදී ගියේ මෙලෙසයි.

Best Story
Abhishek Kapoor – Chandigarh Kare Aashiqui

Best Screenplay  
Shubendu Bhattacharya – Sardar Udham

Best Dialogue
Dibakar Banerjee and Varun Grover – Sandeep Aur Pinky Faraar

Best Music Director    
Tanishk Bagchi – Shershaah

Best Lyricist
Kausar Munir – 83

Best Playback Singer (Male)    
B Praak – Shershaah

Best Playback Singer (Female)
Asees Kaur – Shershaah

ජනප්‍රිය කාණ්ඩයේ ප්‍රධාන සම්මාන තුනක් වන Best Film | Best Actor | Best Actress සඳහා විචාරක සහාය ලබාගනිමින්, මීට සමගාමී තවත් ජයග්‍රාහකයින් තිදෙනෙක් තෝරා ගැනීම ෆිල්ම්ෆෙයා සම්මාන ඉතිහාසයේ එදා සිටම දක්නට ලැබුනු විශේෂත්වයක්! Critics Awards හෙවත් විචාරක සම්මාන ගණයට ගැනෙන මෙම ජයග්‍රාහකයින් තිදෙනා මෙවර සම්මාන ලැබුවේ මෙලෙසයි.

Best Film (Critics) – Sardar Udham
Best Actor (Critics) – Vicky Kaushal for Sardar Udham
Best Actress (Critics) – Vidya Balan for Sherni

ෆිල්ම්ෆෙයා සම්මාන උළෙල හි තවත් ප්‍රධාන කාණ්ඩයක් වන තාක්ෂණික අංශයට අදාළව ජය ලැබූ සම්පූර්ණ සම්මානලාභීන්ගේ මෙසේයි.

Best Cinematography Avik Mukhopadhyay – Sardar Udham
Best Action Stefan Richter – Shershaah
Best Editing Sreekar Prasad – Shershaah
Best Choreography Vijay Ganguly – Atrangi Re
Best Sound Design Dipankar Chaki – Sardar Udham
Best Background Score Shantanu Moitra – Sardar Udham
Best Costume Design Veera Kapur EE – Sardar Udham
Best Special Effects VFXwaala – Sardar Udham
Best Production Design Dmitrii Malich – Sardar Udham

සිනමාව සහ කලාව වෙනුවෙන් සිදු කළ සේවය උදෙසා ජීවිතයට එක් වරක් පමණක් පිදෙන Filmfare Lifetime Achievement Award සම්මානය මෙවර Subhash Ghaiට හිමිවුණා. සම්මානලාභී චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂකවරයෙකු වන ඔහු සිනමාපට 30කට අධික ප්‍රමාණයකට නිෂ්පාදනයෙන් ද සම්බන්ධ වී තිබෙනවා.

Share

301 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.