අනුශ්කාට පකිස්තානයෙන් තහනමක් – මුස්ලිම් ප්‍රජාවට අවමන් කළාද…?
අනුෂ්කා ශර්මා රඟන අලුත්ම චිත්‍රපටය වන “පාරි” ඊයේ දිනයේ තිරගත වීම් ආරම්භ කෙරුනා. ඉන්දියාව පුරා මේ චිත්‍රපටය පිළිබඳව මහත් උනන්දුවක් පැවතී බව සඳහන්. කෙසේ නමුත් ප්‍රේක්ෂක උද්‍යෝගයත් සමගම මේ චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කෙරුනා. කෙසේ නමුත් ඉන්දියාවට සමගාමිව මේ චිත්‍රපටය පකිස්ථානයේ තිරගත වීම තහනම් කොට ඇති බව සඳහන්. මෙය Black Magic සංකල්ප ප්‍රචාරණය කරන්නක් බවත් එය ඉස්ලාම් ධර්මයේ සංකල්පයන්ට පටහැනි වන බවත් පකිස්තානය සඳහන් කරනවා. Central board of film censors of pakistan සඳහන් කරන අන්දමට ඉස්ලාම් ධර්මයට පටහැනි මුස්ලිම් ප්‍රජාවට අභියෝග කෙරෙන අදහස් චිත්‍රපටයේ ඇතුලත් වන බැවින් එය තිරගත වීම වාරණය කිරීමට කටයුතු කොට තිබෙනවා.
චිත්‍රපටයේ දෙබස් සහ කතා තේමාව ගලා යන අන්දම මේ ගැටලුවට හේතුවී තිබෙනවා. ඔවු සඳහන් කොට තිබෙන්නේ ඉස්ලාම් ධර්මයේ මැජික් යන සංකල්පයට ඇත්තේ වෙනස් අර්ථයක් බවයි.ඒ චිත්‍රපටය මගින් එය තරමක අභියෝගයට ලක් කරන බවත් නරඹන්නන් Black magic සඳහා පොළඹවන බවත් වම නිවෙදනයන්ගේ සඳහන්. පකිස්තානු චිත්‍රපට බෙදා හරින්නන්ගේ සංගමයේ සභාපතිවරයාද මේ තීරණයට එකඟවී තිබෙන බව සඳහන්. නමුත් චිත්‍රපටය පන්ජාබ් වාරණ මණ්ඩලය මගින් නිර්දේශ කොට වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ප්‍රදර්ශනය කිරමට අවසර ලබාදී තිබුනා. “We are awaiting CBFC’s final decision before we can take any further action as we cannot afford any clashes over this film,” පංජාබ් වාරණ මණ්ඩලය සඳහන් කොට තිබෙනවා. Pari චිත්‍රපටය පිලිබඳ පකිස්තානුවන් මහත් උනන්දුවකින් පසුවූ බවත් සඳහන්. කරච්චි නගරයේ ප්‍රධාන සිනමාහලක් වන Nueplex හි ප්‍රධාන දර්ශනයේ ප්‍රවේශපත් සියල්ල අවසන්ව තිබුනා. එම මුදල් සියල්ල හිමිකරුවන් වෙත ආපසු ගෙවන බව කළමනාකාරිත්වය පවසනවා. අනුෂ්කා ශර්මාගේ අස්වාභාවික චරිතය (supernatural role) රංගනය ඉතා ඉහල බව විචාරක මතය වී තිබෙනවා.
Written by Nisanka Weheraduwa