අමිතාබ් සහ රිශි කපුර් එකම සිනමාපටයකින් යළිත්
සුපිරි ඉන්දීය රංගන ශිල්පින් යුගලක් වන අමිතාබ් බච්චන් සහ රිශි කපූර් එකම සිනමාපටයකින් යළිත් බොලිවුඩ් සිනමාවට පිවිසෙනවා. ඒ 102 not out චිත්‍රපටය සමගින්. දශක ගණනාවක් පුරා බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිත ලෙස වැජඹෙන මේ නළුවන් යුගල වසර ගණනාවකට පසු එක්ව රංගනයේ දීම විශේෂත්වයක්. 102 not out නමින්ම නිෂ්පාදනය වුනු ගුජරාටි චිත්‍රපටයක් පදනම් කරගෙන මේ චිත්‍රපටයත් නිර්මාණය වී තිබෙනවා. Saumya Joshi රචනා කළ සිනමාපටය Umesh Shukla විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. අමිතාබ් බච්චන් මේ චිත්‍රපටයේ වයස අවුරුදු 102ක මහලු පුද්ගලයකුගේ චරිතයක් නිරුපණය කරනවා. රිශි කපුර් මේ සිනමාපටයේ අමිතාබ්ගේ පුත්‍රයා ලෙස වයස 75ක පමණ පුද්ගලයකුගේ චරිතයක් නිරුපණය කරනවා. දෙසැම්බර් 01 වැනිදා සිට 102 not out සිනමාපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය වීමට නියමිත බව පැවසෙනවා. ප්‍රේක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට 102 not out සිනමාපටයට හැකිවෙතියි විචාරකයින් අනාවැකි පල කරනවා.
Written by Nisanka Weheraduwa