නේත්‍ර මායා නුදුරේදීම රිදී තිරයට

Avatar Kavinu Weerakkody | February 19, 2025 195 Views 0 Likes 0 Ratings

195 Views 0 Ratings Rate it

ලාංකේය සිනමාව තුළ 2022 වසරේ අති සාර්ථක ලෙස තිරගත වූ හිතුමතේ ජීවිතේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ක්‍රිෂාන්ත මනම්පේරිගේ නවතම චිත්‍රපටය ලෙස නේත්‍ර මායා චිත්‍රපටය නුදුරේදීම තිරගත වන්නට නියමිතයි. ක්‍රිෂාන්තගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය විදියට නිර්මාණය වන නේත්‍ර මායා චිත්‍රපටය ලාංකේය සිනමාව තුළ මෙතෙක් නිර්මාණය නොවුනු වෙනස්ම ආරකයකින් යුතු කතාන්තරයක් අන්තර්ගත වන බවයි ඔහු සඳහන් කරන්නේ.

අති දක්ෂ මෙඩ්ලීන් වාදකයකුගේ කතාවක් වටා ගෙතුණු නේත්‍ර මායා චිත්‍රපටය සඳහා ලාංකේය සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් පිරිසක් රංගනයෙන් ඔපවත් කරනවා. එහිදි ධනුක දිල්ෂාන්, ශ්‍යාමි ප්‍රනාන්දු, චුලක්ෂි රණතුංග, දමිත් ෆොන්සේකා, ප්‍රියංකර රත්නායක, නෙත්මි රොෂෙල්, පාලිත සිල්වා, වසන්ත මොරගොඩ චරිත නිරූපණයෙන් චිත්‍රපටය වර්ණවත් කරනවා.

චිත්‍රපටයේ තිර රචනය ක්‍රිෂාන්ත මනම්පේරි විසින් සිදු කර ඇත. නේත්‍ර මායා නිෂ්පාදනය තුසිත මනම්පේරි ය. කැමරා ඇසින් අපුරු රූප නිමැවුම සිදු කර ඇත්තේ චන්දන ධර්මප්‍රිය විසිනි. සංස්කරණය සහ වර්ණ සංයෝජනය දිලාන් ගුණවර්ධන විසින් සිදු කර ඇත. මියුරු සංගීතයෙන් චිත්‍රපටය හැඩ වැඩ කරන්නේ නලින්ද රණසිංහ විසිනි. චිත්‍රපටයේ පසුබිමි ගායනය නලින්ද රණසිංහ සහ දිව්‍යාංජලී රණසිංහ විසින් සිදු කර ඇත.

නේත්‍ර මායා ඔබට මේ වසරේදී රිදී තීරයෙන් දැකබලා ගන්නට අවස්ථාව ලැබේවි.

Share

195 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.