අලුත් අවුරුද්දට අලුත් වැඩක්
අලුත් වසර එළඹෙත්ම අලුත් සිනමා නිර්මාණ කිහිපයක් පිලිබඳ තොරතුරු වාර්තා වුනා. නව වසර ශ්‍රී ලාංකීය සිනමාවට සහ සිනමා රසිකයන්ට හොඳ බලාපොරොත්තු තැබිය හැකි වසරක් වනු ඇතැයි පැවසෙනවා. ඒ වෙනස් තේමාවන්ගෙන් යුත් අලුත් ආකාරයේ සිනමා නිර්මාණ කිහිපයක් හේතුවෙන්. ඉසුරු වීරසිංහ නිර්මාණය කරන නවතම සිනමා නිර්මානයත් ඒ අතර වනවා. මේ දිනවල වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතින මේ සිනමාපටය 2018 වසරේදී තිරගත කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු පල කෙරෙනවා. ළමයින් සඳහා වඩාත් යෝජිත කතා තේමාවක් සහිත අපුරු සුන්දර සිනමා නිර්මාණයක් ශ්‍රී ලාංකීය සිනමා රසිකයින් වෙත ගෙන ඒමට මෙවර ඉසුරු වීරසිංහ සුදානම් වනවා. මිට වසර කිහිපයකට පෙර සාර්ථකව තිරගත වුනු “කලර්” චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ඉසුරු වීරසිංහ The Letter නමින් තවත් සිනමාපටයක් නිර්මාණය කළා. ඒ සිනමාපටයත් මේ වසරේ තිරගත වනු ඇති අපේක්ෂා කරනවා. Papa’s House නමින් ඔහු නිර්මාණය කළ නවතම සිනමාපටය සුන්දර සිත්ගන්නාසුළු සිනමාපටයක් වනු ඇති බලාපොරොත්තු පල කෙරෙනවා.
Written by Nisanka Weheraduwa



