ඉන්දියාවේ චිත්‍රපටවලට සිංදු හදන, ලංකාවේ පොතුවිල් අස්මින්

Avatar Kavinu Weerakkody | May 23, 2025 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

පොතුවිල් අස්මින් මෙරට ජනතාව අතර පමණක් නොවෙයි, ඉන්දියාවේ කොලිවුඩ් සිනමාවේ පවා ජනප්‍රිය චරිතයක්. ලෝ පුරා ජනප්‍රිය දමිළ ගීත රැසකට පද රචනයෙන් දායක වී තිබෙන පොතුවිල් අස්මින්, කොලිවුඩයේ දමිළ සිනමාපට විශාල ප්‍රමාණයකටත් ගීත රචනයෙන් එකතු වී තිබෙනවා. ඔහුගේ වචනවලින් හැඩවුනු ඉන්දියානු ගීත රැසක් ලෝ පුරා දමිළ ජනතාව අතරෙ හි ජනප්‍රියයි.

ඉන්දියාවත් ලංකාවත් කලාවෙන් යා කරන පොතුවිල් අස්මින්ගේ ජීවිත කතාව, ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් ලෙසින් පසුගියදා නිකුත් වුනා. ඒ දකුණු ඉන්දියාවේදී චෙන්නායි හිදි යි. “POTTUVIL ASMIN: From Pottuvil to the World – A Global Tamil Voice” යනුවෙන් නම් කර තිබෙන මෙම ග්‍රන්ථය Amazon Kindle හරහා ඔබටත් දැන් කියවිය හැකියි.

මෙම ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය පැවැත්වුනේ ලාංකීය සම්භවයක් සහිත ලෝකප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අල්ලිරාජාහ් සුබාස්කරන්ගේ ප්‍රධානත්වයෙන්. ඔහු දැවැන්ත දමිළ චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ Lyca Productions සිනමා සමාගමෙ හි හිමිකරුයි.

ජනප්‍රිය දමිළ නලුවෙකු වන විජේ ඇන්තනිගේ Naan චිත්‍රපටයේ Thappellaam Thappae Illai ගීතය රචනා කරමින් කොලිවුඩයට පා තබන පොතුවිල් අස්මින්, වසර 20කට අධික කාලයක් තිස්සේ රූපවාහිනිය – සිනමාව – සාහිත්‍යය ඔස්සේ සක්‍රීයව දමිළ කලාව පෝෂණය කරමින් සිටිනවා.

Vidiyalin Raagangkal (2001), Vidae Thedum Vinaakkal (2002), Paambugal Kulikkum Nathi (2013) ආදිය ඔහුගේ ජනප්‍රිය පද්‍ය ග්‍රන්ථ කිහිපයක්.

දමිළ සාහිත්‍යෙය් පුරෝගාමී කවියෙකු වන වෛරමුත්තුගේ ප්‍රධානත්වයෙන් පැවති Kalaignar 100 Kavithaigal 100 තුළත් පොතුවිල් අස්මින්ව අවධානයට ලක්වී තිබෙනවා. හිටපු තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතාගේ අභාවය වෙනුවෙන් ඔහු රචනා කළ“Vaane Idindhathamma” ගීතය අදටත් තමිල්නාඩුව තුළ එක ලෙසින් ජනප්‍රියයි.

පසුගිය දිනවල ලෝ පුරා ජනප්‍රිය වූ ලාංකීය – දමිළ ගීතයක් වන අයියෝ සාමි ගීතය රචනා කළේ ත් පොතුවිල් අස්මින් විසිනුයි.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන – ඇගයුම් 30කට වැඩි සංඛ්‍යාවකින් පිදුම් ලැබූ දමිළ ගීත රචකයෙකු වන ඔහු, මෙරටත් ඉන්දියාවත් කලාවෙන් යා කරන පාලමක් බඳු චරිතයක්….

ශ්‍රී ලංකාවේ පොතුවිල් හි ඈත ගම්මානයක සිට, ලොවක් හඳුනන ලොවක් ආදරය කරන ගී පද රචකයෙකු වෙන තෙක් ඔහුගේ ජීවිත කතාව දැන ගැනීමට කැමති නම්, “POTTUVIL ASMIN: From Pottuvil to the World – A Global Tamil Voice” ග්‍රන්ථය කියැවීමට අමතක කරන්න එපා!!

Share

64 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.