ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ මරණය සැක සහිතයි

Avatar Nisanka Weheraduwa | February 26, 2018 38 Views 0 Likes 0 Ratings

38 Views 0 Ratings Rate it

ද්‍රවිඩ, මලයාලම්, කණ්නඩ සහ බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක වුනු ශ්‍රීදේවි පසුගිය 24 වැනිදා රාත්‍රියේ  අභාවප්‍රාප්ත වුනා. ඩුබායි හෝටලයක පැවති මංගල සාදයක් සඳහා සහභාගී වීමට එරටට ගොස් සිටියදී මෙලෙස ඇය හදිසි හෘදයාභාධයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පල කෙරුනා. ශ්‍රීදේවිගේ මරණය පිලිබඳ අවසන් කටයුතු අද (26 වැනිදා) සවස මුම්බායිහිදී සිදු කිරීමට නියමිතව තිබුනා. කෙසේ නමුත් අවසන් කටයුතු කල් දැමීමට සිදුව ඇති බව ඉන්දියානු මාධ්‍ය මේ වනවිට වාර්තා පල කරනවා. ඇගේ මරණය පිලිබඳ සැක පල කෙරෙන බවත් තවමත් නිශ්චිත පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති හෙයිනුත් මළ සිරුර නිදහස් කළ නොහැකි බව ඩුබායි පොලිසිය පවසා තිබුනා.

මංගල සාදය අවසන් කොට ශ්‍රීදේවි Dubai Emirates Tower හෝටලයේ නවාතැන් ගෙන තිබුනා. පෙරලා ඉන්දියාවට පැමිණි ඇගේ ස්වාමියා ඇය පුදුම කරවීමට ඇයට නොදන්වා සෙනසුරාදා යලි ඩුබායි හෝටලය වෙත ගොස් තිබෙනවා. ඇය සිය ස්වාමියා සමග රාත්‍රී භෝජනයකට සහභාගී වීමේ අදහසින් සුදානම් වෙමින් සිට ඇති බව පැවසෙනවා. නානකාමරයට ගිය ශ්‍රීදේවි මිනිත්තු 15ක් යන තුරුත් යලි නොපැමිණීම හේතුවෙන් විමසා සිටියත් ඇතුළතින් ප්‍රතිචාරයක් නොමැති හෙයින් දොර විවර කොට පරික්ෂා කළ බවත් ඒ වනවිට ඇය bath tub මත වැතිර විසඥව සිටි බවත් Bonny Kapoor පවසා තිබුනා. රෝහල්ගත කිරීමට කටයුතු කළ නමුත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව පැවසෙනවා.

කෙසේ නමුත් මරණය පිලිබඳ ක්ෂේත්‍රයේ මෙන්ම ඉන්දියාවේත් ලෝකය පුරාත් විවිධ මත පල වනවා. අගේ සමීපතමයින් සමාජ ජාලා මාධ්‍ය හරහා ශෝකය පල කරමින් පණිවිඩ සටහන් කොට තිබුනා. මරණයට හේතුව හෘදයාභාදයක් බව මාධ්‍ය වාර්තා පැවසුවත් එය කොතනකවත් තහවුරු කොටගෙන නැහැ. ඇගේ ඥාතියකු වන Sanjay Kapoor ඩුබායිහි Khaleej Times මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුනේ “ඇයට කිසිදා හෘදයාභාධයක් පිලිබඳ සටහනක් හෝ කිසිදු රෝගී ඉතිහාසයක් නොතිබුණු” බවයි. මේ සියල්ල අතරතුර අද සවස Mumbai’s Pawn Hans in Jadhu, ville parle හිදී ඇහේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබුනා. සවස 4.30 වන විට දේහය රැගත් ගුවන් යානය මුම්බායි වෙත පැමිණෙනු ඇති අපේක්ෂා කළා. නමුත් දේහය පිලිබඳ අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තු වොහාරවේදීන්ගේ පරීක්ෂණ තවම අවසන්ව නැති බව අද දහවල් 12.30ට පමණ වාර්තා වුනා. එම රුධිර පරීක්ෂණ වාර්තා නිකුත් කරන තුරු දේහය මුදාහැරිය නොහැකි බව ඩුබායි පොලිසිය නිවේදනය කොට තිබුනේ මිට පය 2කට පෙරයි. ඒ හේතුවෙන් අද දිනයේ අවසන් කටයුතු සිදු කිරීමට නොහැකි වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. ඇගේ මරණය පිලිබඳ පරීක්ෂණ කටයුතු දිගටම ක්‍රියාත්මක වන බවද සඳහන් වනවා.

මුලාශ්‍ර : Hindustani Times වෙබ් අඩවියෙන්

2017/02/26 – 1.50PM

Share

38 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.