ඉරාන ශ්‍රීලංකා මිත්‍රත්ව සිනමා උළෙලක් කැළණි සරසවියේදී
ඉරාන සිනමා උළෙලක් කැළණි සරසවියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සැමරුම් සිනමා උළෙල ලෙස මෙම චිත්‍රපට උළෙල නම්කොට තිබෙනවා. සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සිනමා උළෙල දින තුනක් පුරා පැවැත්වෙනු ඇති. ඒ දින තුනේදී චිත්‍රපට තුනක් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා. කැළණි සරසවියේ Drama Theater and media arts unit සහ ඉරාන සංස්කෘතික ආයතනය මෙම වැඩසටහන සංවිධානය කරනවා.
කැළණි සරසවියේ ධර්මාලෝක ශාලාවේදී මෙම සිනමාපට තිරගත වීම සිදුකෙරෙනවා. සැප්තැම්බර් 25 වැනිදා 26 වැනිදා සහ 27 වැනිදා යන තෙදින සවස 3.00ට සිනමාපටය තිරගත කෙරෙනු ඇති.
සැප්: 25 වැනිදා – සවස 3 – Bodyguard
සැප් : 26 වැනිදා – සවස 3 – Someone wanna talk to you
සැප් : 27 වැනිදා – සවස 3 – Today
මෙම සිනමා දැක්මේ තිරගතවන චිත්‍රපට නැරඹීමට විද්‍යාර්ථින්ට මෙන්ම සිනමාවට කැමැත්තක් දක්වන ප්‍රේක්ෂකයින් හට අවස්ථාව තිබෙනවා. ඔබත් මේ තෙදින කැළණි සරසවිය අවට සිටිනවා නම් ඉරාන සිනමාපටයක් රසවිඳින්න වෙලාව වෙන්කරගන්නා ලෙස සංවිධායකයින් ආරාධනා කරනවා.
Written by Nisanka Weheraduwa