ඉරාන සිනමා උළෙල 2018 කොළඹදී
ශ්‍රී ලංකාවේ ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන ඉරාන සිනමා උළෙල 2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පෙබරවාරි 10 වැනිදා ආරම්භ වන සිනමා උළෙල 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන සිනමා උළෙල සඳහා සිනමා ලැදි ප්‍රේක්ෂකයින් සැමට සහභාගී වීමට හැකියාව තිබේ. සිනමා උළෙල ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ පැවැත්වෙන්නක්. මෙවර ඉරාන සිනමා උළෙලේ උපදේශකවරයා ලෙස සිනමා කැමරා අධ්‍යක්ෂ සහ සිනමා උළෙල උපදේශක ධනුෂ්ක ගුණතිලක කටයුතු කරන බව සඳහන්.
Date | Time | Movie | Director |
10th Feb | 5.30PM | Bodyguard | Ebrahim Hatamikia |
11th Feb | 3.30PM | Track 143 | Narges Abyar |
11th Feb | 6.30PM | A cube of sugar | Seyyed Raza Mir-Karimi |
12th Feb | 6.30PM | Sweet taste of Imagination | Kamal Tebrizi |
13th Feb | 6.30PM | Where are my shoes | Reza Dormishian |
14th Feb | 6.30PM | Painting Pool | Maziar Miri |
Written by Nisanka Weheraduwa