ඉලංගෝ රාම් A ශ්‍රේණියේ සිනමා උළෙලක ජූරිය නියෝජනය කරයි

Avatar Kavinu Weerakkody | December 6, 2025 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

ලෝකයේ ‘A’ ශ්‍රේණියේ සිනමා උළෙලක් ලෙසින් හැඳින්වෙන එස්තෝනියාවේ ටාලින් බ්ලැක් නයිට්ස් සිනමා උළෙලේ (Tallinn Black Nights Film Festival) 29 වන අදියරේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුනා.

ශ්‍රී ලංකාවේ ඉලංගෝ රාම් හට ‘විශිෂ්ටතම කුළුදුල් වෘතාන්ත සිනමාපට’ (First Feature Competition) තෝරනු ලබන නිල සිනමා ජූරිය නියෝජනය කිරීම් අවස්ථාවක් මෙහිදී හිමි වුනා.

නෙලුම් කුලුන හරහා 2023 වසරේදී ටාලින් සිනමා උළෙලේ “කුලුදුල් වෘතාන්‍ත සිනමාපට තරඟය” (First Feature Competition) නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට අධ්‍යක්ෂක ඉලංගෝ රාම් හට, 2025 වසරේදී එම තරඟකාරී අංශයේම ජූරි සභිකයෙකු ලෙසින් කටයුතු කිරීමට අවස්ථාව ලැබීම මෙහි විශේෂත්වයක්!

ඒ අනුව, ලොව A ශ්‍රේණියේ ෆිඇප්ෆ් පිලිගැනීම ලැබීමෙන් පසුව ටාලින් සිනමා උළෙලේ ජූරිය නියෝජනය කළ පළමු ලාංකිකයා ලෙසින් ද ඉලංගෝ රාම් ඉතිහාසයට එක්වනවා.

Share

40 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.