උමාරියාගේ මෝහනීය හඬින් සැරසෙන විජයබා කොල්ලය
484 Views
0
Ratings
Rate it
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අලුත්ම සිනමා නිර්මාණය තිරගත වීමට සුදානම් වනවා. එච්.ඩි.ප්‍රේමසිරි නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ නම “විජයබා කොල්ලය”, මේ වනවිට චිත්‍රපටයේ අපූරු ගීතයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. ගීතය ගායනා කරන්නේ උමාරියා සිංහවංශ.
සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයට අනුව ගීතයේ තනුව නිර්මාණය වුනේ සංගීතවේදී රෝහණ වීරසිංහයන් අතින්. ගීතයේ රූපරචනයටත් සෙනලි ෆොන්සේකා රංගනයෙන් දායක වනවා. හර්ෂ මංජුලගේ වේශ නිරුපණයෙන්, වෙනුක වික්‍රමාරච්චි ඇඳුම් නිර්මාණයෙන්, හරූන් ශයිඩින් කොණ්ඩා නිර්මාණයෙන් දායක වුනු චිත්‍රපටයට කලා අධ්‍යක්ෂණය කලේ බිමල් දුෂ්මන්ත. චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටය නිර්මාණය වුනා. මේ විජයබා කොල්ලය චිත්‍රපටයට උමාරියා ගායනා කළ ඒ අපූරු ගීතය.
484 Views
0
Ratings
Rate it
Written by Nisanka Weheraduwa
