ඔබ දඩයමද..? දඩයක්කාරයාද..? කතාබහට එක්වන්න
සයිමන් නවගත්තේගම රචනා කළ “දඩයක්කාරයාගේ කතාව” ඇසුරින් ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ “සංසාරේ දඩයක්කාරයා” චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වනවා. මේ චිත්‍රපටය ගැන සිනමා සංවාදයක් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ජූලි මස 24 වැනිදා සවස 3.00ට මරදාන CSR ශාලාවේදී මේ වැඩසටහන සංවිධානය වනවා. විදර්ශන කන්නන්ගර, භූපති නලින්, චින්තන ධර්මධාස, පුබුදු ජයගොඩ මේ වැඩසටහනට දේශකයන් ලෙසින් සම්බන්ධ වීමට නියමිතයි. සංවාදය මෙහෙයවීම සුරේක වාගීශ්වර සේනාධි ගුරුගේ විසින් සිදුකරනු ඇති.
Written by Nisanka Weheraduwa