ඔස්කාර් සම්මාන සඳහා ඊමේල් මනාප
ඔස්කාර් සම්මාන සඳහා මනාප පළ කිරීමට ප්‍රථම වරට විද්‍යුත් ක්‍රමයක් භාවිත කිරීමට සූදානම් වන බව The Academy of Motion Picture Arts and Sciences ආයතනය පවසයි. ඒ අනුව මින් පසුව ලොව පුරා විසිර සිටින 6000ක් පමණ වන ඇකඩමි සාමාජිකයින්ට ඊ මේල් මාර්ගයෙන් තම මනාපය ප්‍රකාශ කළ හැකි වේ. 85 වසරක Academy Award ඉතිහාසයේ ප්‍රථම වරට මෙම තාක්ෂණය භාවිත කෙරෙන අවස්ථාව මෙය වේ. මීට අමතරව සාමාන්‍ය පත්‍රිකා මනාපද ගණනය සඳහා වලංගු වේ.මෙම නව තාක්ෂණික ක්‍රමවේදය ලබන වසරේ පෙබරවාරියේ සිට ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව එම ආයතනයේ ජේෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත් ප්‍රථම අවස්ථාවේ දී නව ක්‍රමයට අමතරව සියළුව සාමාජිකයින් ලිපි මඟින් ද මනාප පත්‍රිකා ලබා දීමට නියමිත ය.
මීට ප්‍රථම සියළු අවස්ථා වලදී තැපැල් මඟින් ලොව පුරා විසිර සිටින අධ්‍යක්ෂකවරුන්, නළු නිළියන්, තිර රචකයින් හා නොයෙක් අයුරින් ක්ෂේත්‍රෙය් ප්‍රබලයින් ට මනාප පත්‍රිකා ලැබීමට සැලැස්වූ අතර මනාප අතින් ගණන් කිරීම මඟින් ප්‍රථිඵල නිකුත් කරන ලදී.
Written by Cinema.lk