කර්ම මාධ්‍ය දර්ශනය අද තරංගනී ශාලාවේදී

Avatar Cinema.lk A | September 5, 2012 73 Views 0 Likes 0 Ratings

73 Views 0 Ratings Rate it

තම මවගේ වියෝව පිළිබඳව ස්වයං වරදකාරි හැඟීමකින් පසුවන පියල්,තම ජීවිතය තුළ ඇති වු රික්තකය පුරවාලනු වස්,යාබද නිවසේ ජීවත්වන අමන්දාගේ ජීවිතයට එබී බලයි. අමන්දා පියයුරු පිලිකාවකින් පෙළෙන බව දැනගන්නා ඇගේ පෙම්වතා වන නදී තුළ,ඇය කෙරේ පෙර තිබූ ඇල්ම කෙමෙන් අඩුවන්නට පටන් ගනී. තම බාහිර රූපසෝබාව කෙමෙන් වියකී ගියද,පියල් කෙරේ තමා පිළිබඳව ඇති හැඟීම හුදෙක්ම ලිංගික කාරණයක් බව සිතන අමන්දා පියල්ව ඉන් නිදහස් කරලීමේ අටියෙන් ඔහුව පොළඹවා ගනී.

අමන්දා පියයුරු පිලිකාවකින් පෙළෙන මරණාසන්න රෝගියෙකු බවත්,ඈ දැනටමත් එක් පියයුරක් ඉවත් කළ තැනැත්තියක් බව දෑසින් දැකගන්නා පියල් තමා තම මව හා සංවාසයේ යෙදුනාක් මෙන් හැඟිමකින් කම්පාවට පත්වෙයි. තමා තුළ ඇති වු වරදකාරී හැඟීමකින් නිදහස් වනු වස්,පියල් විසින් අමන්දාව ඇගේ මරණය දක්වා රැකබලාගනු ලබයි. මානව සම්බන්ධතා පිළිබඳව තමා තුළ මුල්බැස ගත්තා වු දුර්මත පසෙකලා පියල් තම මවගේ අභාවය යථාර්තයක් ලෙස භාර ගැනීමට පෙළෙඹේ.

සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න ජයකොඩිගේ දෙවන සිනමා නිර්මාණය වන “කර්ම” චිත්‍රපටය නුදුරේ දීතිරගතවීමට නියමිතව ඇත.මෙම සිනමා නිර්මාණය මෙවර අන්තර්ජාතික රොටඩෑම් සිනමා උළෙල ඇතුළු සිනමා උළෙලවල් කිහිපයක් නියෝජනය කරයි. ජගත් මනුවර්ණ, මිෂෙල් හාෆ්ට්, නදීක ගුරුගේ “කර්ම” චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයන අතර අවන්ති දිල්රුක්ෂිකා සමරතිලක, නදීෂා යාපාගේ, බුද්ධික මහේෂ් අබේරත්න, දුමිඳු තේජා හංගවත්ත, එරික් මදනායක. තේජා හර්ෂණී හේරත්, චේතනා නිමන්ති, සුජානි ශශිකා. ආරියරත්න පෙරේරා, ලෙලුම් රත්නායක, කෙනත් ඩි සිල්වා, සාරංග අෂේන් කුරේ, විරාජ් මාලිංග, පියුම් ලක්මාල් වීරසිංහ, සුරංග ගුණතිලක, ඩෙන්සිල් පෙරේරා, ප්‍රියන්ත රත්නායක, රවීන්ද්‍ර තන්තිරිගේ, වර්නන් අබේසිංහ සෙසු චරිත සඳහා රංගන දායකත්වය සපයයි. කොළඹ, ගාල්ල හා කුරුණෑගල යන ප්‍රදේශවල රූගත කෙරුණු “කර්ම” චිත්‍රපටයේ සමස්ත රූගත කිරීමේකටයුතු සඳහා දින 30 පමණ කාලයක් ගතව ඇති අතර චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන කටයුතු වෙනුවෙන් මාස 05 ට ආසන්න කාලයක් ගතව තිබේ. චිත්‍රපටය සඳහා රුපියල් ලක්ෂ 260 ක පමණ පිරිවැයක් දරා ඇති බව ද සඳහන්ය.

“කර්ම” සිනමා නිර්මාණය පිළිබඳව එහි අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි මහතා අද දෙරණ සමග මෙසේ අදහස් දැක්වීය.

[pullquote_left]අපේ ජීවිතවල බලාපොරොත්තුවල ඇරියස් එකක් තියෙනවා. ඒ නොලැබුණු දේ අපි හොයනවා[/pullquote_left] එවැනි චරිත කිහිපයක් පිළිබඳව මෙම චිත්‍රපටය ගොඩනැගෙනවා. “සංඛාරා” චිත්‍රපටය වගේම “කර්ම” චිත්‍රපටයත් මගේ ආත්ම ප්‍රකාශනයක් ලෙස කළ නිර්මාණයක්. පොදුවේ සියලුම ප්‍රේක්ෂකයින්ට රසවිඳිය හැකි ලෙස මෙම චිත්‍රපටයේ ආකෘතිමය ස්වභාවය තුළ යම් වෙනසක් සිදුකර තිබෙනවා. A සිට Z දක්වා ගලායන කතා ස්වරූපයක් මෙම චිත්‍රපටයේ නෑ. පරිච්ඡේද 04 ක් යටතේ මෙහි කතාව ගොඩනැගෙනවා. පරිච්ඡේද 03 ක් එකම කාලයක් යටතේ ඉදිරිපත් කරනවා. චිත්‍රපටය නරඹන සියලුම ප්‍රේක්ෂකයින්ට එකම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්, ප්‍රේක්ෂකයා සමග හුවමාරු කරගත හැකි දේ තවත් වැඩිකිරීමේ අරමුණින් මෙම ආකෘතිමය ස්වභාවයේ වෙනස සිදුකර තිබෙනවා”

කර්ම චිත්‍රපටය පිළිබඳ සම්පූර්ණ විස්තරය සඳහ පිවිසෙන්න Cinema.lk/karma

කර්ම චිත්‍රපටය රූගත කිරීම් අතරතුරේ…

Share

73 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.