ගින්නෙන් උපන් සීතල – වෙනස් විදිහේ කතා දෙකක්
අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වනවා. චිත්‍රපටය සහ එහි අන්තර්ගතය සම්බන්ධව විවිධ මත පලවී තිබෙනු පසුගිය කාලය පුරා දකින්න ලැබුනා. ඇගයීම් වගේම දොස් එල්ල කිරීමද මේ ප්‍රතිචාර අතර දකින්නට ලැබුනා. මේ සම්බන්ධයෙන් විධිමත් කතාබහක් සංවිධාන කිරීමට කණ්ඩායම් දෙකක් කටයුතු යොදා තිබෙනවා.
තරුණ නව රැල්ල (Youth new wave) මෙවැනි එක වැඩසටහනක් සංවිධාන කොට තිබෙනවා. එය “ලාංකේය විප්ලවය සහ ගින්නෙන් උපන් සීතල” ලෙස නම්කොට තිබෙනවා. චිත්‍රපටය පිලිබඳ සිනමාත්මක කියවීමක් ලෙස ඔවුන් මෙය නම්කොට තිබෙනවා. පෙබරවාරි 20 වැනි බදාදා සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයෙදී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති. සිනමාවේදී අසෝක හඳගම, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය මහේෂ් හපුගොඩ මෙම සංවාදයට සමන්ධ වනවා. සංවාදය ප්‍රේමරත්න තෙන්නකෝන් විසින් මෙහෙයවීමට නියමිතයි.
ගින්දර සීතල අරගලය නමින් තවත් එවැනිම වැඩසටහනක් සංවිධාන කිරීමට සංවිධානය කටයුතු යොදා තිබෙනවා. එම සංවාදාත්මක කතිකාව පැවැත්වෙන්නේ පෙබරවාරි 21 වැනිදා සවස 3.30 සිට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීයි. එම සංවාදය සඳහා සඳුන් ප්‍රියංකර විතානගේ, භූපති නලින් වික්‍රමගේ, පුබුදු ජයගොඩ සහ විදර්ශන කන්නන්ගර සහභාගී වීමට නියමිතයි.
ගින්නෙන් උපන් සිතල චිත්‍රපටය පිළිබඳව වෙනස් විදිහේ කියවීම් දෙකක් සමග එකතු වන ලෙස සිනමා ප්‍රේක්ෂකයින්ට ඇරියුම් කෙරෙනවා.
Written by Nisanka Weheraduwa