ගින්නෙන් උපන් සීතල – සිනමාපටය ගැන කතාකරමු

Avatar Nisanka Weheraduwa | May 23, 2019 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

පසුගිය මාස කිහිපයක් පුරා ප්‍රේක්ෂකයින් අතර වඩාත් කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපය අතරේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය ප්‍රධාන එකක් වුනා. චිත්‍රපටය ගැන විවිධ යහපත් ප්‍රතිචාර වගේම විවේචනත් එල්ල වුනා. චිත්‍රපටය ගැන නැවත කතාබහක් ඇතිකිරීමට විශේෂ වැඩසටහනක් සංවිධාන කොට තිබෙනවා.

මරදාන සාමය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය අංශය මේ වැඩසටහන සංවිධානය කරනවා. චිත්‍රපට, නාට්‍ය ඇතුළු කලා  නිර්මාණ පිලිබඳ විද්වත් සංවාදයක් ඇති කිරීමට ඔවුන් මේ වැඩසටහන මාස්පතා සංවිධාන කරනවා. මෙවර එහිදී ගින්නෙන් උපන් සිතල චිත්‍රපටය ගැන සංවාදයකට සුදානම්.

මැයි  මස 25 වැනි සෙනසුරාදා සවස 1.00ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයෙදී  මේ වැඩසටහන පැවැත්වෙනවා. සිනමාපටය පිලිබඳ සාකච්චාව සඳහා ජ.වී.පෙ.පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ, චින්තන ධර්මදාස සහ ප්‍රියන්ත ෆොන්සේකා සහභාගී වීමට නියමිතයි. විවෘත අවකාශයක සිට නව සංවාදයකට එක්වන ලෙස සංවිධායකයින් ඔබට ඇරියුම් කරනවා.

60487474_1316969381800262_7236718704883400704_n

 

 

 

 

 

 

Share

55 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.