චිත්‍රපට බෙදාහැරිමට නැවත අතුරු තහනම් නියෝගයක්
චිත්‍රපට බෙදාහැරීමේ පූර්ණ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාව වෙත ලබාදෙමින් නිකුත් කළ අධිකරණ නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙනවා. චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු මෙතෙක් සිදුකරමින් සිටි පෞද්ගලික අංශයේ සිනමා මණ්ඩල විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය පනවා ඇතැයි සඳහන්. ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් 11 වැනිදා දක්වා මෙම අතුරු තහනම් නියෝගය බලාත්මක වනු ඇති. එතෙක් ජාතික චිත්‍රපට සංස්ථාවට මෙන්ම පෞද්ගලික අංශයට චිත්‍රපට බෙදාහැරීමට හැකියා ලැබෙනවා.
Lanka Film Distributors & Co. (Pvt) Ltd., Movie Producers & Importers Co (Pvt) Ltd., EAP Films & Theatres Ltd, Cinema Entertainments (Pvt) Ltd යන පෞද්ගලික සමාගම් එක්ව මෙම පැමිණිල්ල ගොනුකොට තිබුනා. මීට පෙර අධිකරණ නියෝගය අනුව පසුගිය ජුනි 18 වැනිදා අධිකරණය විසින් චිත්‍රපට බෙදාහැරීමේ පුර්ණ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පවරා තිබුනා.
Written by Nisanka Weheraduwa