චීන සිනමා උළෙල කොළඹදී

Avatar Nisanka Weheraduwa | February 2, 2018 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධානය කරන චීන සිනමා උළෙල 2018 මේ දිනවල කොළඹදී පැවැත්වේ. පෙබරවාරි පළමුවැනිදා ආරම්භ කෙරුණු සිනමා උළෙල පෙබරවාරි 06 වැනිදායින් අවසන් වීමට නියමිතය. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී සිනමා උළෙල පැවැත්වේ. චීනයේ දේශපාලනික සමාජීය හා සංස්කෘතික විවිධත්වය ශ්‍රී ලාංකිකයින්ට සමීප කරවීමට සහ එරට සිනමාව රසවිඳීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම සිනමා උළෙල සංවිධාන කෙරෙන බව චීන තානාපති කාර්යාලය පවසයි. සිනමා උළෙලේදී චිත්‍රපට 08ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. 01, 02, දෙදින සවස 6.30ට සහ 3,4 දෙදින සවස 2.30 සහ 6.30 ලෙසත් චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. නැවත 05 සහ 06 වැනිදා සවස 6.30 දර්ශන වාරය පැවැත්වෙනු ඇත. චීන සිනමාව රසවිඳීමට ශ්‍රී ලාංකිකයින්ට මෙම සිනමා උළෙල හරහා අවස්ථාව හිමිවේ.

Share

36 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.