ජපාන චිත්‍රපට දැක්ම සහ සංවාදය

Avatar Nisanka Weheraduwa | December 18, 2019 109 Views 0 Likes 0 Ratings

109 Views 0 Ratings Rate it

කොළඹ මහජන පුස්තකාලයිය ලේඛක සහ පාඨක සංසදය සංවිධාන කරනු ලබන මාසික චිත්‍රපට දැක්ම සහ සංවාද වැඩසටහනේ දෙසැම්බර් කලාපය පැවැත්වෙන බව සංවිධායකයින් දැනුම් දෙනවා. දෙසැම්බර් 20 වැනි සිකුරාදා සවස 3.00ට මහජන පුස්තකාලයේ උඩු මහලේදී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති. මෙවර තිරගත කෙරෙන්නේ ජපාන චිත්‍රපටයක් බව සඳහන්.

හිරකොසු කොරෙයිදා අධ්‍යක්ෂණය කළ SHOPLIFTERS චිත්‍රපටය මෙවර තිරගත කෙරෙනු ඇති. චිත්‍රපට දර්ශනයෙන් අනතුරුව සංවාදයක් පැවැත්වෙන අතර එහි දෙසුම සඳහා සම්පත් දායකත්වය සිනමා විචාරක බූපති නලින්ගෙන්. මෙම වැඩසටහනට සම්බන්ධ වන ලෙස ඔබ සැමට ඇරියුම් කෙරෙනවා.

 

 

Share

109 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.