ජාන්වී කපූර් ඉෂාන්ගේ ආරාධිතයා වෙයි
ජාන්වී කපූර් ඉන්දියාව පමණක් නොව ලෝකය පුරාම කතාබහට ලක්වුණා චරිතයක් වුනා. ඒ පසුගිය මාර්තු මාසයේදී. ඇගේ මවගේ හදිසි වියෝව ඉන්දියාව පමණක් නොවෙයි මුළු ලෝකයේම ඉන්දියානු සිනමා රසිකයින් අතර දැඩි කතාබහකට ලක්වුනා. ජාන්වී කපූර් ශ්‍රිදෙවී කපූර් සහ බොනී කපුර්ගේ වැඩිමහල් දියණියයි.
පසුගියදා ඈ නවතම පුවතක් සමග බොලිවුඩ් රසිකයින් හමුවට පැමිණියා. ඒ ඇගේ සමීපතම මිතුරකුගේ පළමු සිනමාපටයේ මංගල දර්ශනයට ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරියුම් ලැබීමත් සමගයි. Ishaan Khatter නම් වන මේ අපූරු තරුණයා රංගනයෙන් දායක වුනු පළමු සිනමාපටය Beyond the clouds නම් වනවා. එය ඉරාන ජාතික සිනමාකරුවකු වන Majid Majidi විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය රංගනයෙන් දායක වූ Ishaan ඉන් පසුව රංගනයෙන් දායක වුනේ Dhadak චිත්‍රපටයට. එහි ඔහුගේ සහය ශිල්පිනිය (Co-star) වන්නේ Janhvi Kapoor වීම විශේෂයි. කෙසේ නමුත් ඔවු න් දෙදෙනා තිරයෙන් පිටත සමීප මිතුරන් බවත් පැවසෙනවා. ජාන්වී සිය පියා සමගින් මේ චිත්‍රපට දර්ශනයට සහභාගී වූ බව සඳහන් වනවා.
Written by Nisanka Weheraduwa







