දැවැන්ත බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ තුන්වැන්න තිරගතවෙයි
Race චිත්‍රපටය ඉන්දීය සිනමාවේ දැවැන්ත පියවරක් බව බොහෝ විචාරකයින් මත පලකොට තුබුණු බව බොලිවුඩ් ප්‍රේක්ෂකයන්ට මතක ඇති. ඊට හේතු වුනේ එය දැවැන්ත පිරිවැයක් දරමින් නිර්මාණය කළ ඉහල මට්ටමේ ක්‍රියාදාම චිත්‍රපටයක් වීම. මේ චිත්‍රපටයේ දෙවැනි පියවර නිර්මාණය වද්දීත් බොහෝ ප්‍රේක්ෂකයින් දැඩි උනන්දුවකින් ඒ පිළිබඳව අවධානයෙන් සිටියා. දැන් මේ චිත්‍රපට මාලාවේ තුන්වැනි පියවරත් ප්‍රේක්ෂකයින්ට මුදාහැර තිබෙනවා.
Race 3 චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Remo D’souza විසින්. මේ චිත්‍රපටය Action thriller ලෙස කාණ්ඩගත කොට තිබෙනවා. දශක ගණනාවක්ජ තිස්සේ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීන් වන Salman Khan, Anil Kapoor සහ Bobby Deol මේ චිත්‍රපටයේ එක්ව රංගනයේ යෙදෙනවා. ඊට අමතරව නව පරපුරේ නළු නිළි පිරිසක් වන Jacqueline Fernandez, Saqib Saleem, Daisy Shah, සහ Freddy Daruwela චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. සංගීත නිර්මාණය Salim Sulaiman ගෙන්. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 160ක්.
ලොව පුරා බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ට අපූරු අත්දැකීමක් ලබාදෙන Race 3 චිත්‍රපටය, පසුගිය 15 වැනිදා සිට තිරගත වනවා.
Written by Nisanka Weheraduwa
