‘Forouzan’ හොඳම කෙටි චිත්‍රපටය වෙයි
‘Forouzan’ ඉරාන කෙටි චිත්‍රපටය ඇමරිකානු Astoria New York සිනමා උළෙලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලබා තිබෙනවා. Best narrative short award ලෙස මෙම චිත්‍රපටය සම්මානයට පාත්‍රවී ඇතැයි වාර්තා වනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Mirabbas Khosravinejadගෙන්.
මෙම කෙටි චිත්‍රපටය මීට පෙර American film festivalහි 2018 ජුනි කලාපයේ Honorable mention for best narrative ලෙස තේරී තිබෙනවා. Astoria චිත්‍රපට සම්මාන උළෙල ජුනි මස 8 සහ 9 වානිදා නිව්යෝක් නගරයේදී පැවැත්වුනා. පස්වැනි Los Angeles diversity චිත්‍රපට උළෙල සඳහා Forouzan චිත්‍රපටය තේරී තිබෙනවා.එම සිනමා උළෙල ජූලි මස 26 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතයි. හතරවැනි Alexandria short film festival – greece සඳහාත් මෙම කෙටි චිත්‍රපටය තේරී තිබෙනවා. එය ජුනි 29 සිට ජූලි 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
Written by Nisanka Weheraduwa
