තරිඳු ලොකුආරච්චිගේ නැවත ජාත්‍යන්තර සම්මාන ලබයි
තරිඳු ලොකුආරච්චිගේ ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පියෙක්. ඔහු දැනට විදෙස් රටක සිනමාව පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබන්නෙක්. ඔහු නිර්මාණය කළ අලුත්ම කෙටි චිත්‍රපටය මිට පෙර ජාත්‍යන්තර ඇගයීම් කිහිපයකටම ලක් වුනා. මෙවර තරිඳු තවත් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් දිනාගෙන තිබෙනවා. මේ, ඒ පිළිබඳව තොරතුරු ටිකක්. විදෙස් රටක සිටියත් සම්මානය පිලිබඳ තොරතුරු ලැබුනට පස්සේ cinema.lk අපි, තරිඳුට කතා කළා. ඔහු අපිට කිවුවේ මේ විදිහේ කතාවක්.
“මගේ අලුත්ම කෙටි චිත්‍රපටය “Frozen heart” කියන නිර්මාණය, මීට කලිනුත් ජාත්‍යන්තර ඇගයීම් කිහිපයක් මට ලැබුනා. මෙවර Shanghai international student film festival එකේ තරගකාරී අංශයේ හොඳම විදෙස් චිත්‍රපටය විදිහට මගේ චිත්‍රපටයට සම්මාන ලැබුනා. මේ චිත්‍රපට උළෙලේ තියන තරග අංශ අතරින් වැදගත්ම අංගයක් මේක. මගේ චිත්‍රපටයත් එක්ක අවසන් වටයේ නිර්දේශිත නාමයන් අතරේ තිබුනේ ඇමරිකාවේ නිර්මාණකරුවෙකුගේ Leo Johnson කියන නිර්මාණය සහ Florida නිර්මාණයක් වුනු Can’t without you කියන කෙටි චිත්‍රපට දෙක. මේ නිර්මාණ දෙකම මම බැලුවා. ඒවා ඉතාම උසස් මට්ටමක තිබුණු නිර්මාණ. ඉතින් මේ නිර්දේශ නම් අතරින් මට සම්මානය හිමි වීම මට ලොකු සතුටක්” තරිඳු අප සමග පැවසුවා.
ඒ වගේම මම කියන්න ඕනේ මේ කෙටි චිත්‍රපටය ඇතුලෙදි මම කතා කරන්න බලාපොරොත්තු වුනේ ශ්‍රී ලංකාවේ සිනමාවේ කඩා වැටීම ගැන, ඒ සඳහා චීනයෙන් වුනු බලපෑම, මේ නිර්මාණය මේ ඛේදවාචකයට වගකිව යුතු සියලු දෙනා නරඹන්න ඕනේ කියල මම හිතනවා. මට උවමනාවක් තියෙනවා ඒ හැමෝටම මේ නිර්මාණය පෙන්වන්න, ඒ අය මේක බලල තමන් කළ කී සියල්ල ගැන පසුතැවෙයි කියල මට විශ්වාසයි. මම ලංකාවට ආවහම ඒ වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ වගේම මේ නිර්මාණයට දායක වුනු හැමෝටම ස්තුති කියන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා” තරිඳු වැඩිදුරටත් පැවසුවා. ජාත්‍යන්තරය ජයගත් ශ්‍රීලාංකික නිර්මාණකරුවෙක් වන තරිඳු ලොකුආරච්චිගේ, ඔබට cinema.lk පෙ සුබ පැතුම්…!!
Written by Nisanka Weheraduwa
