දෙමාපියන්ගේ හීන දරුවන් ලවා පාටකළ හැකිද..??
ලෝකය පුරා සාර්ථකව තිරගත වන නවතම බොලිවුඩ් සිනමාපටයක් ගැන cinema.lk කියවන ඔබට තොරතුරු ගෙනෙන්න මෙවර අපි සුදානම්. සුපිරි බොලිවුඩ් නළුවකු වගේම නිෂ්පාදකයකුද වන අමීර් ඛාන් මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වනවා. ඔක්තෝබර් 19 වැනිදා සිට ලෝකය පුරා තිරගත වීම ආරම්භ වුන මේ සිනමාපටය මේ වනවිටත් අති සාර්ථක ලෙස තිරගත වන බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. Secret Superstar චිත්‍රපටයේ කියවෙන්නෙත් අපුරු කතාවක්. ගායන ශිල්පිනියක් වීමේ දැඩි බලාපොරොත්තුවක් සහ ආසාවක් සහිත පාසල් සිසුවියක් වටා මෙහි මුළු කතාවම ගෙතී තිබෙනවා. සිය පියාගේ දැඩි විරෝධය හමුවේ සිහිනය බොඳකර නොගන්නා ඇය ඇගේ මවගේ සහය ඇතිව මුහුණ ආවරණය කරගත් නිර්නාමික වීඩියෝවක් ලෙස ඇය ගායනා කරන ගීයක් YouTube හරහා අන්තර්ජාලයට මුදා හරිනවා. ඉන්දියානු සුපිරි සාන්ගිතඥයෙක් සහ ගායකයෙක් මේ වීඩියෝව දැකීමත් සමග මේ දැරියගේ ගායිකාවක් වීමේ සිහිනය ගලායන ආකාරය සිනමාපටය මගින් ගෙන එනවා. Advait Chandan කතාව සහ තිරරචනය සිදුකළ මේ සිනමාපටය අධ්‍යක්ෂය කලෙත් Advait Chandan විසින්. අමීර් ඛාන්ගේ නිෂ්පාදනයක් ලෙස සිනමාපටය එළිදැක්වෙනවා. Zahira Wasim, Meher Vij, Raj Arjun, Amir Khan මෙහි ප්‍රධාන භූමිකාවන් නිරුපනය කරනවා. Amit Trivediගේ මියුරු සංගීත නිර්මාණ මේ සිනමාපටයට ඇතුළත්. විනාඩි 150 කාලයක් පුරා ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කරන අපුරු සිනමාපටයක් රසවිඳින්න දැන් ශ්‍රී ලාංකික ඔබටත් අවස්තාව හිමිව තිබෙනවා.
Written by Nisanka Weheraduwa