දෙරණ සිනමා උළෙලේ රංගනය පිලිබඳ වැඩමුළුවක්

Avatar Nisanka Weheraduwa | June 19, 2019 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමිව දෙරණ “හෙට දවසේ සිනමාව” නමින් සිනමා උළෙලක් සංවිධාන කෙරෙනවා. ජුනි මස 22 සහ 23 දෙදින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මේ සිනමා උළෙල පැවැත්වීමට නියමිතයි. මෙම චිත්‍රපට දැක්මට සමගාමිව රංගනය පිලිබඳ වැඩමුළුවක් (Masterclass) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

දෙස් විදෙස් අත්දැකීම් සහිත සම්මානනීය රංගන ශිල්පිනියක් වන කෞශල්‍යා ප්‍රනාන්දු විසින් මේ රංගන වැඩමුළුව පැවැත්වීමට නියමිතයි. ජුනි මස 22 වැනි සෙනසුරාදා උදේ 10.30 සිට 12.30 දක්වා කාලය තුළ  මේ වැඩසටහන පැවැත්වෙනවා. වැඩමුළුව සීමිත සංඛ්‍යාවක් සඳහා පමණක් වෙන්කර තිබෙනවා. සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මේ වැඩමුළුවට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නේ නම්, ඔබ හැකි ඉක්මනින් ඒ සඳහා ලියාපදිංචි වන ලෙස සංවිධායකයින් දැනුම් දෙනවා. ඔබේ නම, ලිපිනය, ජංගම දුරකථන අංකය සඳහන් කොට editor.cinema@derana.lk යන ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවීමෙන් මේ සඳහා ලියාපදිංචි විය හැකියි.

ඔබේ ඊමේල් පණිවිඩය ලැබීමෙන් පසු ඔබට අදාළ ලියාපදිංචි අංකය ඔබවෙත SMS පණිවිඩයක් මගින් යොමුකෙරෙනු ඇති. එම ලියාපදිංචි අංකය හිමි යට පමණක් මේ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා. හැකි ඉක්මනින් ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන්කර ගන්නා මෙන් සංවිධායකයින් දැනුම් දෙනවා,

Masterclass notice

Share

91 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.