දෙරණ සිනමා සම්මාන – චිත්‍රපට 24ක් තරගයට
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙට දවස වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලය නිරන්තරයෙන් මැදිහත් වීම් සිදු කරනවා. සිනමාවේ හෙට දවස වෙනුවෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ශිල්පින් අගය කිරීම උදෙසා දෙරණ සිනමා සම්මාන උළෙල එහි එක පියවරක්. 2017 වර්ෂය සඳහා වන දෙරණ සිනමා සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ එනිසයි. එළඹෙන මැයි මාසයේ මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වෙනවා. මෙවරත් සිනමා සම්මාන උළෙල සඳහා අනුග්‍රාහකයින් ලෙස සන්සිල්ක් සමාගම TV දෙරණ සමග එක්ව තිබෙනවා. සිනමාවේ හෙට දවස උදෙසා මාධ්‍ය ජාලයක් ලෙස දෙරණ ආයතනයේ මේ මැදිහත්වීම අඛණ්ඩව පස් වසරක් පවත්වාගෙන එමෙන් පසුව මෙවර එහි හයවැනි පියවර මෙලෙස සංවිධාන කොට තිබෙනවා.
ශ්‍රී ලංකාවේ චිත්‍රපට ශාලාවන්හි තිරගත වුනු දේශීය සිනමාපට 24ක් මෙවරත් සිනමා සම්මාන උළෙලේ සම්මාන සඳහා තරංග වදින බව චිත්‍රපට උළෙල සංවිධාන කමිටුව පවසනවා. විවිධ කාණ්ඩ යටතේ සම්මාන 24ක් ප්‍රධානය කිරීම මෙවරත් සම්මාන උළෙලේදී සිදුවනු ඇති.
සම්මාන උළෙල සඳහා නිර්දේශිත චිත්‍රපට
01. ආලෝකෝ උදපාදි
02. රන් සයුර
03. ප්‍රේමය නම්
04. සුළඟ ගිනි ගනී
05. කොට උද එක්ස්ප්‍රස්
06. බන්ධනය
07. නිලංජනා
08. පැණි මකුළුවෝ
09. අලි කතාව
10. නිනෝ ලයිව්
11. නිම්නයක හුදෙකලාව
12. හිම තාරකා
13. විසි අට (28)
14. ධර්ම යුද්ධය
15. දෙවැනි වරම
16. හීන හොයන සමනල්ලු
17. පුංචි අපිත් දැන් බය නෑ
18. ස්වරූප
19. සෙල්ලන් නැත්තන් ලෙල්ලන්
20. දේදුනු ආකාසේ
21. අප්පට සිරි
22. කාල
23. ඩොක්ටර් නවරියන්
24. පහ සමත්
Written by Nisanka Weheraduwa
